“බොහෝම ළඟ දී, බොහෝම වේගයෙන් මුළු විශ්වයම කළඹමින් තද කුණාටුවක් හමාගෙන එනවා. අති විශාල ප්‍රමාණයක් ජීවිත හා දේපළ අහිමි වෙනවා. එය මේ පුංචි දේශයටත් බලපානවා. එම නිසා සෑම කෙනෙක්ම යාච්ඤාව තුළ ජීවත් විය යුතුයි. එය පැයට කිලෝමීටර් 200 වේගයෙන් පැමිණෙනවා, බොහෝ විට ඊටත් වඩා වේගයෙන්. ඒ කුණාටුව බොහොමත් ආසන්නයි, පැමිණෙන්නට. එම නිසා යාච්ඤාවෙන් අවදිව සිටිය යුතු මොහොතක්. එකිනෙකාගේ දුර්වලකම් සොය සොයා යන මොහොතක් නොවෙයි, තමා තමාව දැකිය යුතු මොහොතක්. පියාණන්ගේ ඉතා ප්‍රබල පවිත්‍රකරණය ඇරඹිලා දැන්. එම නිසා බොහෝ රාජ්‍යයන් තුළ කඩා වැටෙන තැන් තියෙනවා, බොහෝ අය විලාප නගන තැන් තියෙනවා. ඒ සමඟම නවක රෝග තව තව පැමිණෙනවා වේගයෙන්. මනුෂ්‍යයාගේ ජීවන හුස්ම පවත්වා ගන්නට බැරි තරමට අපහසුතාවයන් පැමිණෙනවා. එම නිසා සෑම මනුෂ්‍යයෙක්ම එකිනෙකාගේ අඩුපාඩු බලන්නේ නැතුව, සෑම කෙනෙක්ම වේගයෙන් තමාව වෙනස් කරගෙන තම දූ දරුවන් උදෙසා තම දෙමව්පියන් උදෙසා ඒ හැම කෙනෙක්ම ජීවිත වෙනස් කරගෙන තම තමන්ගේ ධර්මයට අනුකූලව ජීවිතය යහපත් පැත්තට ගොඩනැගිය යුතු මොහොතක්, මෙය. සෑම පවුලකම දෙමාපියන්, දරුවන් සෑම කෙනෙක්ම දෙවි වූ ස්වාමින් වහන්සේට මුලිකත්වය දිය යුතුයි.”
“මම මේ මොහොතේ ඉල්ලනවා සෑම කෙනෙක්ගෙන්ම, සෑම ධර්ම නායකයෙක්ගෙන්ම ධර්මානුකූලව, යහපත් විදියට ජනතාව මෙහෙයවමින්, ජනතාව ඒකරාශී කරමින්, තමාට පැවරී තිබෙන නායකත්වය තුළ, යහපත් ඵල නෙලා දෙන්න. කිසිවෙක් තමාට යැයි කියා ලෞකික කිසිවක් රැස් කර ගන්න එපා. යහපත් දේ පමණක් රැස් කර ගන්න. මා ප්‍රේමවන්ත වූ දරුවෙනි, දෙවි වූ ස්වාමින් වහන්සේගෙන් ලද, විශ්වීය මැවුම්කරුවාණන්ගෙන් ලද ඒ මහා පණිවුඩය ලෝ වැසි සියලු ජනතාව වෙත මේ මොහොතේ මම ප්‍රකාශ කරමි. මම මම වෙමි. මම දෙවි වූ ස්වාමින් වහන්සේ වෙමි.”
“දෙවි සමිඳුන්ගෙන් ලද පණිවුඩයට සෑම කෙනෙක්ම ඇහුම්කන් දෙන්න. දෙවි වූ ස්වාමින් වහන්සේ වන මම ජාති, කුල, ආගම් භේද නොමැතිව ඔබ සැමට ප්‍රේම කරමි. මම මනාලයා වෙමි. මනාලිය ඔබ සැම වන්නාහ. මුළු විශ්ව ජනතාවම මනාලිය නම්, විශ්වීය අයිතිකරු මනාලයා ලෙස, මනාලිය දෙස බලා සිටිනවා, සැදී පැහැදී සැරසී සිටින තුරු. එම නිසා මා ප්‍රේමවන්ත දරුවෙනි, ඔබ මොන තලයක සිටියත් ඔබ ඔබ දෙස හැරී බලන්න. විටින් විට ඔබගේ වෙනස් විය යුතු දේ ඒ හැම දෙයක්ම වෙනස් කර ගනිමින් ඉදිරියට යන්න. තෘෂ්ණාවෙන් රැස් කර ගන්නා වූ දේවල් තුළ, ඔබ බොහෝ භයානක දේවල කොටු වෙන්නට පුළුවන්. එම නිසා පිටාතරින් පෙනෙනා ලස්සන දේ දැහැමි බව නොවේ. ඇතුලාන්තය යටි හිත තුළ සෑම කෙනෙක් තුළම තියෙන දුර්වලකම්, පාපිෂ්ඨ ස්වභාවයන්, මේ අපවිත්‍ර සියල්ල හිස් කරගෙන පවිත්‍ර කර ගන්න. ඔබ සැම ශාරීරික, මානසික, ආත්මික සුවය ඇති දරුවන් මෙන් මෙයට මුහුණ දෙන්න, දැන්ම සැරසෙන්න. ලොව අයිතිකරු වන විශ්වීය මැවුම්කරුවාණන් වන, නිර්මාතෘවරයාණන් මුළු විශ්වීය ජනතාවට දෙන පණිවුඩයයි, මෙය.”
මා,
ඔබගේ ගැළවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්.