“ ප්‍රේමවන්ත දරුවෙනී, මුළු විශ්වයම වසා සිටින ඝන අඳුරින් ලෝකය ගළවා ගන්නට දෙවි සමිඳුන් වන මම ඔබට කතා කරමි. මා ප්‍රේමණීය ජන දරුවෙනී, මේ මොහොත වන විටත් අධර්මය සටන් වදින්නට ලොවට බැස ඇත. ධර්ම අධර්ම මහා යුද්ධය ආරම්භ වී ඇත. සෑම කල්හිම, සෑම මොහොතකදීම ඔබගේ සිතුවිල්ලෙන් ඔබගේ ක්‍රියාවෙන් සහ හැසිරීමෙන් තමා නිරන්තරයෙන්ම තමා දෙස බලමින් තමාව නිවැරදිතාවයකට ගෙන එන ලෙස යි, ඔබ අදහන ඔබ අයිතිකරගෙන තිබෙන ඔබගේ මැවුම්කරුවාණන් ඔබට ප්‍රකාශ කරන්නේ. මා ප්‍රේමණීය දරුවෙනී, මේ මොහොත භයානක තත්වයක යි පවතින්නේ. මෙතැන් පටන් ආරම්භ වන්නා වූ සෑම මොහොතක්ම මනුෂ්‍යයාට ඉතා භයානක වනු ඇත. අති බිහිසුණු තැනකට ලෝකය පැමිණෙමින් තිබේ. මා ප්‍රේමාදර දරුවෙනී, අනාදියේ පටන් අනාවරණය කළා වූ සියලු දේ දැන් සිදුවෙමින් පවතී. අද සභාව තුළට ද අශුද්ධාත්මය ඇතුල් වෙමින් සභාව විනාශ කිරීමට ද බොහෝ දේ සූදානම් කරමින් ඇත.”
“ සභා නායකයනි, රාජ්‍ය නායකයිනී, සියලුම නායකවරුනී, මේ ප්‍රකාශනය ඔබට ය. ඔබ ඔබ දෙස හැරී බලමින් ඔබට පැවරී තිබෙන වගකීම් නිසි ආකාරව ඉටු කරන්නෙහි ද ? මේ ලෝකයේ ඔබගේ ජීවිතය පවතින තුරාවටම ඔබ විසින් ගන්නා වූ සෑම පියවරක්ම ඔබගේ හෘද සාක්ෂියට එකඟව ගෙන එයින් යහපත් දේ කරන්න. ඔබ රැස් කර ගන්නා වූ යහපත සහ අයහපත අනුව ඔබට ඵල විපාක ලැබෙනු ඇත. දැන් එය ආරම්භ වී ඇත. ඔබ කරනා දේ තුළ, ඔබට හොඳ දේ ද අයහපත් දේ ද සිදු වනු ඇත. එම නිසා අති බිහිසුණු මොහොතක යි, අද ලොව පවතින්නේ. මේ මොහොත වන විට භයානකම කෙනා සටන් වැදීමට ලෝකයට ඇතුලු වී ඇත.”
“ මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, විශ්ව මැවුම්කරුවාණන් වන මම මුළු මිනිස් ජනතාවගේ ම ජීවිත ගළවා ගැනීම පිණිස, ඔබලා වෙත ප්‍රේමයේ දෙඇසින් බලා සිටිමි. අවදි වන්න. තව නොබෝ දිනකින් බොහෝ අයට ආහාර පාන පවා හිඟ වනු ඇත. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, දෙවියන් වහන්සේ තුළ පෝෂණය වන්න. මේ පොළොව පවා ඔබට ජලය නොදෙන තැනට එනු ඇත. මනුෂ්‍යයාට ජීවත් වීමට ජලය අත්‍යවශ්‍ය ය. ඉදිරි කාලයේ දී බොහෝ නියඟයන් ඇති වනු ඇත. නියඟය වැඩි වූ කල ගිනි ගනු ඇත. අද ලොව පුරා බොහෝ තැන්වල භයානක අන්දමින් පියාණන් ඒ උදහස පාමින් ලෝකය පවිත්‍ර කරමින් ඇත.”
“ අවදි වන්න මා ප්‍රේමවන්ත දරුවෙනී. අද වෛරසයක් නිසා ලෝකයම කැළඹී ඇත. නමුත් මෙයින් නිමා නොවනු ඇත, ඉදිරියට තව බොහෝ දේ එනු ඇත. මම ජන දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙය යි. මා ප්‍රේමවන්ත දරුවෙනී, මේ මොහොතේ ඔබ වෙත පැමිණ තිබෙන්නා වූ එන්නත්කරණයෙන් වැළකී සිටින්න. මක්නිසාද එය ඔබට අහිතකර වනු ඇත. මෙය මහා භයානක කුමන්ත්‍රණයකි, මා ප්‍රේමවන්ත වූ දරුවෙනී. අති බිහිසුණු තැනට ගෙන ඒමට, ජනතාව ඉවත් කිරීමට, රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධව ක්‍රියා කිරීමට, බල ලෝභය නිසා මෙය උපයෝගී කර ගනිමින් බොහෝ දේ සිදු කරනු ඇත. මනුෂ්‍යයා ගැළවීම පිණිස වෙන විකල්පයක් නැතැ යි සිතමින් මෙය ලබා ගැනීමට පොරකනු ඇත. අවදි වන්න, මා ප්‍රේමවන්ත දරුවෙනී. මෙ මගින් තවත් රෝගාබාධ ඇති වනු ඇත. එම නිසා කල්පනාකාරී වන්න. මා කල්වාරියේ වැගිරුවා වූ රුධීරයෙන් ඔබගේ සිරුර පෝෂණය කර ගන්න. ඒ රුධීරයෙන් පෙඟෙන්න. එයින් ම ගැළවීම ලබා ගන්න. ඔබගේ ජීවිතය දෙස ආපසු හැරී බලා එය සකස් කර ගැනීමේ දී ඔබට මහා බලයක් ලැබෙනු ඇත. බොහෝ රෝගවලින් ඔබව ගළවා ගනු ඇත. ඔබට රැකවරණය ලැබෙනු ඇත.”
“ සියළු ජාති, කුල, ආගම් භේද නොමැති ව එකමුතු වෙමින් එකිනෙකාට ප්‍රේම කරමින් වැළඳගත යුතු මොහොත යි දැන් පැමිණ ඇත්තේ. එක්සිත් වන්න. එකමුතු වන්න. දේශපාලන නායකයිනී, රාජ්‍ය නායකයිනී දැන්වත් අවදි වන්න, එකිනෙකාට ඇඟිලි දික් නොකරන්න. තමන්ගේ පාපයන් ගැන මෙනෙහි කරන්න. ආපසු හැරී බලන්න. ඒ මහා මනස්ථාපනයට ඇතුළු විය යුතු කාලය යි, දැන්. ඔබ විසින් කරන ලද වැරදිවලට පාපොච්චාරණයක් කර ගන්න. එසේ නොවේ නම් ඔබ නොදකින ඔබට නොපෙනෙන බලවේගයක් ඔබව ඇඹීම සඳහා ගෙන යනු ඇත. ඔබට එයින් ගැළවීමක් නැත. මෙය යි සත්‍ය ය. මෙය යි භයානකම අනාවරණය. සත්‍ය සොයා ගෙන ජීවිතය නිවැරදිතාවය කරා ගෙන එන්නට සූදානම් වන්න.”
“ලෝ වැසි ජනතාවෙනී, අඳුරෙන් වැසී තිබෙන ඔබේ දෙඇස් ඇර බලන්න. අඳුරින් ආලෝකය දෙසට යොමු වන්න. අවදි වන්න. ප්‍රීතිමත් දිනක් උදා කර ගන්නට ඔබ විසින් කළ යුතු දේ ගැන මෙනෙහි කරන්න. හෙට දින ප්‍රේමයෙන් ලෝකය ආලෝකවත් කර ගන්නට නම් ඔබ දෙවිඳුන් තුළ රැදී සිටින්න. ඔබ කුමන දහමක සිටියත් විශ්වාසය මත රැදී සිටින්න. ජීවිතය ජය ගන්නට පුළුවන. විශ්ව මැවුම්කරුවාණන් වන මා විසින් අනාවරණය කරන ලද මේ පණිවුඩයට ඇහුම්කන් දී, පණිවුඩය අයිති කර ගනිමින් ජීවිතය ජය ගන්නට සූදානම් වන්න, මා ප්‍රේමවන්ත දරුවෙනී. ආමෙන්.”
මා,
ඔබගේ ගැළවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්.