ශ‍්‍රී ලංකාව නමැති දේශය උදෙසා දෙවි වූ ස්වාමින් වහන්සේ විසින් දෙන ලද පණිවුඩය මෙයයි.

23 – ජූලි – 2022

  “මේ දේව ආඥාවයි. ශ‍්‍රී ලංකාව නමැති දේශය උදෙසා දෙවි වූ ස්වාමින් වහන්සේ විසින් දෙන ලද පණිවුඩය මෙයයි. සියලූම නායකයින් වෙතටයි. ඔබගේ නායකත්වය කොතැනද? ඒ නායකත්වය දරන්නා වූ සැවොම දැනගත යුතු අනාවරණය මෙයයි. ඔබ මේ මොහොතේ රාජ්‍යතන්ත‍්‍රයේ සේවය කරන්නෙක් නම් ඔබ මෙය ගැඹුරින් අයිති කර ගත යුතුයි. එය මෙසේය. රාජ්‍ය නායකයිනී, නුඹලාගේ විනාශය දැන් නුඹලා පසුපස හඹාගෙන එන ලැව්ගින්නක් මෙන්ය. දේශය පවිත‍්‍ර කිරීම මම මෙලෙස සිදුකරන්නෙමි. විටෙක ලැව්ගින්නක් ලෙස ද විටෙක තද කුණාටුවක් ලෙස ද එය පැමිණෙනු ඇත. ආදරණීය දරුවෙනී, මම නුඹලාට ප්‍රේම කරමි. එනමුත් දෙවිඳුන්ගේ මහා ඉවසීම තුළ නුඹලා කෙරෙන් දේව ගරුබියක් මම නොදකිමි. ආත්මාර්ථයේ බල තණ්හාවෙන් පිරී සිටින නුඹලාට වන විපතක මහත. දැන් එකා පිට එකා සටන් වදිනු ඇත, එය නොනවතිනු ඇත. ජනතාව විසින් දෙවිඳුන්ගේ නීති නියෝග අණපනත් කඩකරන ලද බැවින් පොළොව අපවිත‍්‍ර වී දූෂණය වී ඇත. එනිසා දේශය පවිත‍්‍ර කිරීම පිණිස දෙවි වූ ස්වාමින් වහන්සේ වන මම සියලූ තරුණ දූ පුතුන් වැඩිහිටියන් සියලු ජනතාව දැඩි කරමින් පවිත‍්‍ර වූ ධර්මිෂ්ඨ රාජ්‍යයක් ගොඩනැගීම පිණිස මෙය සිදුකරන්නෙමි.”

  “සියලු රාජ්‍ය නායකයිනී, නිලය බලය හා ආත්මාර්ථය ආභරණයක් කරගත් ඔබට වන විපතක මහත. ජීවත්ව සිටින සෙනග කෙමෙන් අඩු වනු ඇත. මක්නිසාද ඔවුහු යුක්තිය උදෙසා දිවි පුදන්නෝය. යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය, මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය. දේශයේ සතුට සැනසුම පහව ගොස් ඇත. එය නැවත ඇතිකර ගැනීමට බොහෝ සේ සටන් කළ යුතුය. පොළොව පාපයෙන් බර වී ඇත. පොළොව කම්පා වී දෙදරා සුනු විසුනු වන්නට තරම් පාපයේ බර අධික වී ඇත. පාපයේ බර කොතෙක්දයත් ඉහළ අහසේ බලමණ්ඩල පහළ පොළොවේ සිටින පාලකයන්ට දඬුවම් කරන කාලය පැමිණ ඇත්තේය. දෙවියන් වහන්සේගේ ඉවසීමට සීමාවක් ඇත්තේය. දෙවියන් වහන්සේ ප්‍රේමය මෙන්ම උදහස ද වන සේක. පියාණන්ගේ බැල්ම මේ දේශය වෙත යොමුව ඇත. අනාදියේ ආදම් සහ ඒව පිළිබඳ සැලසුම් ආරම්භ වූයේ ද මේ දේශයෙනි. අධර්මිෂ්ඨ බලපෑම් නිසා දුෂ්‍ය වී ඇති මේ දේශය පවිත‍්‍ර කිරීමේ වගකීම ද දෙවියන් වහන්සේට පැවරී ඇත. එය දෙවියන් සතු කාර්යයකි. ඒ සඳහා දෙවියන් වහන්සේගේ වැඩ ඇරඹීමේ කාලයයි, දැන් පැමිණ ඇත්තේ. දරුවෙනී, දැන් නුඹලා දැහැමිව ජීවත් විය යුතුයි. විටින් විට මගේ ධර්මිෂ්ඨභාවයේ පාඩම කියා දීමයි, මගේ කාර්යය වන්නේ. මුහුද විටෙක නිශ්චල වන්නාක් මෙන්ම විටෙක දැඩි වනු ඇත. එලෙසයි, දේව උදහසත්. බොහොම නිශ්චලව සියල්ල දෙස මුළු මැවිල්ල දෙස බලා සිටිමින් එය අකීකරුකම් පාන කල, මුහුද මහා ඝෝෂා නගමින් තද කුණාටුවක් ලෙස රළ පිට රළ ගසමින් සියල්ල පවිත‍්‍ර කරන්නාක් මෙන් මැවුම්කරුවාණන් වන මා ද සියල්ලන් පවිත‍්‍ර කිරීමයි, දැන් සිදුවෙමින් පවතින්නේ.”

 “අරගල භූමියේ සිටින දරුවෙනී, මම නුඹලා අමතමි. සියලූ ජනතාව උදෙසා නුඹලා සියල්ල අත්හැර සියලු ආශාවන් අත්හැර සියලු අයිතිවාසිකම් අත්හැර යුක්තිය උදෙසා සටන් කරන ඔබ සියල්ලන් මම ආශිර්වාද කරමි. බිය නොවන්න. නුඹලා ජය ගනු ඇත. සියලු අසත්‍ය පරාජය කරමින් සත්‍යය ජය ගනු ඇත. එකා පිට එකා වැටී තම ලේ හලමින් ඒ ලෙයින් පාපය තෙත් කරමින් මේ දේශයේ ධර්මිෂ්ඨ රාජ්‍ය නායකයා ගෙනෙන තුරු නුඹලා සටන් වදිනු ඇත. නුඹලා අතරින්ම ඒ නායකයා මම ස්ථාපිත කරමි. බොරුවෙන් වංචාවෙන් දුෂ්‍ය වී පිරී ඉතිරෙමින් තිබෙන මෙවැනි මොහොතක සියල්ලන්වම දැඩි කිරීම පිණිස සියලු තරුණ දූ පුතුන් දැඩි කිරීම පිණිස මම මගේ රාජ්‍යයේ සගයන් නුඹලා වෙත එවා ඇත. මගේ බලගතු දූත පිරිස නුඹලා වටකොට ඇත. මම නුඹලාව ඒ ග‍්‍රහණය තුළ රඳවා ගෙන සිටිමි. මම නුඹලාව දේශය පවිත‍්‍ර කිරීම පිණිස අවියක් කර ගනිමි. සියලු ජනයෙනී, අවදි වන්න. තමා උදෙසා නොව සියල්ලන් උදෙසා අවදිව එළියට බසින්න, එක්රැස් වන්න, එකමුතු වන්න, එක්සිත් වන්න. මක්නිසාද නුඹලාගේ අයිතිවාසිකම් උදෙසායි, ඔවුන් සටන් වදින්නේ.”

 “සියලු ආගමික නායකවරුනී, දැන් එකමුතු විය යුතු කාලයයි. ජාති කුල ආගම් භේද බැලිය යුතු කාලයක් නොවෙයි, දැන් උදා වී ඇත්තේ. සියල්ලන් එකා මෙන් ඒකරාශි වෙමින් එක මවකගේ දරුවන් මෙන් එකට එකතු වූ කල සියලු බාධක පරාජය කළ හැකිය. අපි අත්වැල් බැඳ ගනිමු. මම නුඔලාට මහා බලසම්පන්න ආසිරි වැසි වස්වමි. එක්රැස් වන්න, එකමුතු වන්න, බිය නොවන්න, ඉදිරියටම එන්න. ජීවිතය පූජා කරන්නට සිදුවුණොත් නුඹලාට මගේ රාජ්‍යයේ තැනක් ලැබෙනු ඇත. අන් අය උදෙසා අනාගත දරු පරපුර උදෙසා දැහැමි යුගය ආරම්භ කිරීම උදෙසා යුක්තිය ඉල්ලා සටන් වදින සියල්ලෙනී, අවදිවව්. මම නුඹලාව දැඩි කොට ඇත්තෙමි. ධර්මිෂ්ඨ වූ රාජ්‍යයක් ගොඩනැගීම පිණිස තම ලේ වගුරුවමින් කුසට ආහාරයක් නොමැතිව පිපාසයට ජලය නොමැතිව දුක බෙදා ගනිමින් සියල්ල කැපකර ගනිමින් එකට ඒකාරාශි වෙමින් කරන්නාවූ මේ සටන මෙතැනින් නිමා නොවනු ඇත. සැබෑ ධර්මිෂ්ඨ රාජ්‍යය ගොඩනැගෙන තෙක් අපි සටන් වදිමු. එය ඉක්මනින් ජයග‍්‍රහණය කරා එළඹෙනු ඇත. එලෙස නව රාජ්‍යයක් පිහිටුවනු ලබයි. මේ දේශයෙන් මුළු ලෝකයට පණිවුඩයක් දෙමු. ලෝ වැසි සියලූ රාජ්‍ය නායකයින්ට මෙය මරු පහරක් වනු ඇත. ලෝ වැසි සියල්ලන් මහත් ගෞරවයෙන් යුතුව මේ දෙස බලනු ඇත. ලෝකයට ආලෝකයක් වන්නාවූ මේ පුංචි දේශය ගැන ලෝක වාසින් යම් දිනෙක කතා කරනු ඇත.”

 “රාජ්‍ය නායකයිනී, තවත් පමා නොවන්න. වෙනස් වන්නට හැරී එන්නට මනස්තාප වන්නට තවම කාලය තිබේ. දූෂිත වූ සියල්ල අධර්මයයි, එය යක්ෂ බලවේගයයි. එයට ගොදුරු නොවන්න. මනස්තාප වී සියල්ල තරුණ දූ පුතුන්ට භාර දී දැන් එය කරගෙන යාමට ඉඩ දී ඔබ පසු බසින්න. මම තවත් ඔබට කාලය දෙමි. ඔබ අද මහත් සැප වින්දත් දිනෙක විශාල වැලපීමකට මොරගැසීමකට ඔබ ඇතුළු වනු ඇත. එනිසා පාලකයිනී, අවදි වන්න, සියල්ලන් වෙත කරුණා නෙත් යොමන්න. ඔබ මෙතෙක් රැස් කළා වූ අධර්මයේ දේ නවතාලමින් මෙය ඔබගේ ජීවිතයේ හැරවුම්ලක්ෂ්‍යයක් කර ගනිමින් සියල්ල භාර දී නිහඬ වන්න. එසේ නොමැති වුවහොත් අහෝ  ඔබට වන විපතක මහත. දේව උදහස ලැව් ගින්නක් මෙන් පසුපස ලුහුබඳිනු ඇත, විටෙක තද කුණාටුවක් මෙන් ඔබ වටා පැමිණෙනු ඇත. ඔබගේ පාපයේ භයානකකම තවම ඔබ නොදනී. එය ඔබගේ හෘද සාක්ෂියට දැනෙන්නට සලසනු ඇත. මෙයයි, මගෙන් ලද භයානක පණිවුඩය. දැන්වත් අවදි වන්න. උද්ඝෝෂණයේ යෙදී සිටින සියලූ දරුවෙනී, මම නුඹලා ආශිිර්වාද කරමි. දේව රාජ්‍යයේ සිටින මගේ සියලු සගයෝ ඔබට සහය වෙති. මගේ ස්වර්ගීය දූත පිරිස ඔබ වටා රැස්ව ඇත, ඔබව මහත් සේ රකිමින් බලසම්පන්න කරමින් ඔවුන් ඔබට අවියක් වනු ඇත. මක්නිසාද දෙවි වූ ස්වාමින් වහන්සේ ඔබව එතුමන් සුරතේ අවියක් කර ගනිමින් මේ දේශය පවිත‍්‍ර කිරීම පිණිස ගෙන යනු ලබන සේක. ආමෙන්.”

මා,

ඔබගේ ගැළවුම්කරුවාණන් වන ජේසුස් ක‍්‍රිස්තුස්.

මා කල්වාරියේ වැගිරුවා වූ රුධීරයෙන් ඔබගේ සිරුර පෝෂණය කර ගන්න.

21 – පෙබරවාරි – 2021

“ ප්‍රේමවන්ත දරුවෙනී, මුළු විශ්වයම වසා සිටින ඝන අඳුරින් ලෝකය ගළවා ගන්නට දෙවි සමිඳුන් වන මම ඔබට කතා කරමි. මා ප්‍රේමණීය ජන දරුවෙනී, මේ මොහොත වන විටත් අධර්මය සටන් වදින්නට ලොවට බැස ඇත. ධර්ම අධර්ම මහා යුද්ධය ආරම්භ වී ඇත. සෑම කල්හිම, සෑම මොහොතකදීම ඔබගේ සිතුවිල්ලෙන් ඔබගේ ක්‍රියාවෙන් සහ හැසිරීමෙන් තමා නිරන්තරයෙන්ම තමා දෙස බලමින් තමාව නිවැරදිතාවයකට ගෙන එන ලෙස යි, ඔබ අදහන ඔබ අයිතිකරගෙන තිබෙන ඔබගේ මැවුම්කරුවාණන් ඔබට ප්‍රකාශ කරන්නේ. මා ප්‍රේමණීය දරුවෙනී, මේ මොහොත භයානක තත්වයක යි පවතින්නේ. මෙතැන් පටන් ආරම්භ වන්නා වූ සෑම මොහොතක්ම මනුෂ්‍යයාට ඉතා භයානක වනු ඇත. අති බිහිසුණු තැනකට ලෝකය පැමිණෙමින් තිබේ. මා ප්‍රේමාදර දරුවෙනී, අනාදියේ පටන් අනාවරණය කළා වූ සියලු දේ දැන් සිදුවෙමින් පවතී. අද සභාව තුළට ද අශුද්ධාත්මය ඇතුල් වෙමින් සභාව විනාශ කිරීමට ද බොහෝ දේ සූදානම් කරමින් ඇත.”

“ සභා නායකයනි, රාජ්‍ය නායකයිනී, සියලුම නායකවරුනී, මේ ප්‍රකාශනය ඔබට ය. ඔබ ඔබ දෙස හැරී බලමින් ඔබට පැවරී තිබෙන වගකීම් නිසි ආකාරව ඉටු කරන්නෙහි ද ? මේ ලෝකයේ ඔබගේ ජීවිතය පවතින තුරාවටම ඔබ විසින් ගන්නා වූ සෑම පියවරක්ම ඔබගේ හෘද සාක්ෂියට එකඟව ගෙන එයින් යහපත්  දේ කරන්න. ඔබ රැස් කර ගන්නා වූ යහපත සහ අයහපත අනුව ඔබට ඵල විපාක ලැබෙනු ඇත. දැන් එය ආරම්භ වී ඇත. ඔබ කරනා දේ තුළ, ඔබට හොඳ දේ ද අයහපත් දේ ද සිදු වනු ඇත. එම නිසා අති බිහිසුණු මොහොතක යි, අද ලොව පවතින්නේ. මේ මොහොත වන විට භයානකම කෙනා සටන් වැදීමට ලෝකයට ඇතුලු වී ඇත.”         

“ මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, විශ්ව මැවුම්කරුවාණන් වන මම මුළු මිනිස් ජනතාවගේ ම ජීවිත ගළවා ගැනීම පිණිස, ඔබලා වෙත ප්‍රේමයේ දෙඇසින් බලා සිටිමි. අවදි වන්න. තව නොබෝ දිනකින් බොහෝ අයට ආහාර පාන පවා හිඟ වනු ඇත. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, දෙවියන් වහන්සේ තුළ පෝෂණය වන්න. මේ පොළොව පවා ඔබට ජලය නොදෙන තැනට එනු ඇත. මනුෂ්‍යයාට ජීවත් වීමට ජලය අත්‍යවශ්‍ය ය. ඉදිරි කාලයේ දී බොහෝ නියඟයන් ඇති වනු ඇත. නියඟය වැඩි වූ කල ගිනි ගනු ඇත. අද ලොව පුරා බොහෝ තැන්වල භයානක අන්දමින් පියාණන් ඒ උදහස පාමින් ලෝකය පවිත්‍ර කරමින් ඇත.”  

“ අවදි වන්න මා ප්‍රේමවන්ත දරුවෙනී. අද වෛරසයක් නිසා ලෝකයම කැළඹී ඇත. නමුත් මෙයින් නිමා නොවනු ඇත, ඉදිරියට තව බොහෝ දේ එනු ඇත. මම ජන දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙය යි. මා ප්‍රේමවන්ත දරුවෙනී, මේ මොහොතේ ඔබ වෙත පැමිණ තිබෙන්නා වූ එන්නත්කරණයෙන් වැළකී සිටින්න. මක්නිසාද එය ඔබට අහිතකර වනු ඇත. මෙය මහා භයානක කුමන්ත්‍රණයකි, මා ප්‍රේමවන්ත වූ දරුවෙනී. අති බිහිසුණු තැනට ගෙන ඒමට, ජනතාව ඉවත් කිරීමට, රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධව ක්‍රියා කිරීමට, බල ලෝභය නිසා මෙය උපයෝගී කර ගනිමින් බොහෝ දේ සිදු කරනු ඇත. මනුෂ්‍යයා ගැළවීම පිණිස වෙන විකල්පයක් නැතැ යි සිතමින් මෙය ලබා ගැනීමට පොරකනු ඇත. අවදි වන්න, මා ප්‍රේමවන්ත දරුවෙනී. මෙ මගින් තවත් රෝගාබාධ ඇති වනු ඇත. එම නිසා කල්පනාකාරී වන්න. මා කල්වාරියේ වැගිරුවා වූ රුධීරයෙන් ඔබගේ සිරුර පෝෂණය කර ගන්න. ඒ රුධීරයෙන් පෙඟෙන්න. එයින් ම ගැළවීම ලබා ගන්න. ඔබගේ ජීවිතය දෙස ආපසු හැරී බලා එය සකස් කර ගැනීමේ දී ඔබට මහා බලයක් ලැබෙනු ඇත. බොහෝ රෝගවලින් ඔබව ගළවා ගනු ඇත. ඔබට රැකවරණය ලැබෙනු ඇත.”

“ සියළු ජාති, කුල, ආගම් භේද නොමැති ව එකමුතු වෙමින් එකිනෙකාට ප්‍රේම කරමින් වැළඳගත යුතු මොහොත යි දැන් පැමිණ ඇත්තේ. එක්සිත් වන්න. එකමුතු වන්න. දේශපාලන නායකයිනී, රාජ්‍ය නායකයිනී දැන්වත් අවදි වන්න, එකිනෙකාට ඇඟිලි දික් නොකරන්න. තමන්ගේ පාපයන් ගැන මෙනෙහි කරන්න. ආපසු හැරී බලන්න. ඒ මහා මනස්ථාපනයට ඇතුළු විය යුතු කාලය යි, දැන්. ඔබ විසින් කරන ලද වැරදිවලට පාපොච්චාරණයක්  කර ගන්න. එසේ නොවේ නම් ඔබ නොදකින ඔබට නොපෙනෙන බලවේගයක් ඔබව ඇඹීම සඳහා ගෙන යනු ඇත. ඔබට එයින් ගැළවීමක් නැත. මෙය යි සත්‍ය ය. මෙය යි භයානකම අනාවරණය. සත්‍ය සොයා ගෙන ජීවිතය නිවැරදිතාවය කරා ගෙන එන්නට සූදානම් වන්න.”

“ලෝ වැසි ජනතාවෙනී, අඳුරෙන් වැසී තිබෙන ඔබේ දෙඇස් ඇර බලන්න. අඳුරින් ආලෝකය දෙසට යොමු වන්න. අවදි වන්න. ප්‍රීතිමත් දිනක් උදා කර ගන්නට ඔබ විසින් කළ යුතු දේ ගැන මෙනෙහි කරන්න. හෙට දින ප්‍රේමයෙන් ලෝකය ආලෝකවත් කර ගන්නට නම් ඔබ දෙවිඳුන් තුළ රැදී සිටින්න. ඔබ කුමන දහමක සිටියත් විශ්වාසය මත රැදී සිටින්න. ජීවිතය ජය ගන්නට පුළුවන. විශ්ව මැවුම්කරුවාණන් වන මා විසින් අනාවරණය කරන ලද මේ පණිවුඩයට ඇහුම්කන් දී, පණිවුඩය අයිති කර ගනිමින් ජීවිතය ජය ගන්නට සූදානම් වන්න, මා ප්‍රේමවන්ත දරුවෙනී. ආමෙන්.”

මා,

ඔබගේ ගැළවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්.

තෙද බලැති මහ රජිදාණන් වන මහෝත්තම දෙවි සමිඳුන් මේ පොළොව මත පා තබන මොහොත ආසන්න බැවින් මුළු විශ්වයම එක විට වේගවත්ව චලනය වනු ඇත.

16 – දෙසැම්බර් – 2020

“ලෝ වැසි සියලු ජනයෙනී, මම ඔබ අමතමි. මුළු විශ්වයම මවා වදාලා වූ තැනැන්වහන්සේ වන පරම පරාක්‍රම දෙවි සමිඳුන් වන මම, ලෝ වැසි සියලු දෙනාට අසීමිතව ප්‍රේම කරන දෙවිඳුන් වන මම ඔබ වෙත දක්වන ගැඹුරුම ආදරය යි, මේ. විශ්වයම ඒකාලෝක කරන්නට මම ඔබගේ සහය පතමි. මා ප්‍රේමවන්ත දරුවෙනී, මේ මොහොත වන විට ශුද්ධවූ ලියවිල්ලේ සඳහන් වන පරිදි ලෝකය පවිත්‍ර කිරීම වේගවත් ලෙස එය සූදානම් කළ ආකාරයටම සිදුවෙන ආකාරය ඔබ දකිනවා ඇත. මනුෂ්‍යයාට නොවැටහෙන කරුණ නම් දමිටුන් සහ අදමිටුන් දැන හඳුනාගත යුතු ආකාරය යි. දුදනන්ගේ දුර්ගුණයන්ට දෙවි පියාණන්ගේ මහා සමාව අයදිමින් මහා පාපොච්චාරණයකට ඇරයුම් කරමි. ඒ සියලු දුර්ගුණයන්ගෙන් මිදෙන්නට මොහොත පැමිණ ඇත.”

“ සියලු, විවිධාකාර ජාතීන්වලට බෙදී සිටින ජනයෙනී, මම ඔබලාටයි මේ කතා කරන්නේ. සියලු නායකවරුනී, විවිධාකාර නායකත්වයන් දරන නායකවරුනී, මම ඔබලාව අමතමි. ඔබ නායකත්වයක් දරන්නට සුදුස්සෙක් වන්නෙහි ද ? නායකත්වය යනු සියලු දෙනාට සාධාරනය ඉටු කර දීමේ මහා පරමාර්ථය විය යුතුයි. මා ප්‍රේමවන්ත වූ  දරුවෙනී, තමා නායකත්වයට සුදුසු වන්නේ තම හෘද සාක්ෂියට එකඟව සාධාරණ නායකත්වය තුළ ජනතාවගේ ඕනෑ එපාකම් සොයා බලමින් ඒ විනිශ්චයේ මහා විනිශ්චයකරුවෙක් වන ආකාරය අනුව යි. විනිශ්චයකරුවෙක් නඩුවක් විසඳන කල සාධාරණය දෙස බලා සර්ව සාධාරණත්වය තුළ ජයග්‍රහණය හිමි කර දිය යුතුය. එලෙසම මම ඔබ සැමගෙන් ඉල්ලන්නේත් ඔබ සැබෑම නායකයෙක් නම් ජනතාවගේ විශ්වාසවන්ත නායකයෙක් විය යුතුයි. මේ සියල්ල බලා සිටින තවත් කෙනෙක් ඔබ දෙස බලා සිටිනු ඇත. මැවුම්කරු වන මම, මුළු විශ්වය මවා වදාලා වූ තැනැන්වහන්සේ වන මම එකම මොහොතකම එකම වෙලාවේ බොහෝ දේට සවන් දෙමින් බොහෝ දේ දකිමින් මුළු මිනිස් සමාජය දෙසම බලා සිටිමි.”

“ මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, දෙවිඳුන්ගේ ප්‍රේමයට නිමක් නැත. ලෝකයේ මහා බලවතාණන් වන මම ඔබ හැමගෙන් ඉල්ලා සිටින්නේ ලෝකයේ ධනයෙන් නොපිරී ස්වර්ගීය ධන සම්පත් රැස් කරගන්නා ලෙස යි. හැම කෙනෙක්ම අනෙකා පසු පස නොගොස් තමා දෙසම හැරී බැලීම තුළ තම ආත්මයේ අඩුපාඩුකම් දකින්නට ඔබටම පුළුවන. මා ප්‍රේමාදර වූ දරුවෙනී, ලෝකය කොයි ආකාරයකට ද ගමන් කරන්නේ කියා ලෝකයාවත් නොදනී. මක්නිසාද විශ්වය මවා වදාල තැනැන්වහන්සේ විටින් විට ලෝකය පවිත්‍ර කිරීම වේගවත් කරමින් ද, නැවත නිහඬ කරමින් ද විවිධාකාර ආකාරයට මේ ගමන මහා පවිත්‍රකරණයක් තුළ ලොව සැම දෙස බලමින් ගෙන යන සේක. අහස් කුස විදුලි දහරාවක් මෙලොව මතට විදුලිය ගෙන එයි. එලෙසින්ම පොළොව මත තිබෙන ජලය අහස් කුස වෙත ඇද ගනිමින් වාෂ්ප කරමින් මුළු පොළොවටම ජලය, සශ්‍රීකත්වය ලබා දෙයි. මා ප්‍රේමාදර වූ දරුවෙනී, හිරු එළිය නැවතුනු කල විශාල විනාශයකට ලොව මුහුණ දෙනු ඇත. එය බොහෝම කෙටි කාලයක් තුළ සිදුවනු ඇත.”  

“ ඒ වගේම පොලෝ තලයේ ජල දහරාවන් අහස හා බැඳෙන්නා වූ ඒ මහා සම්බන්දතාවය තුළ, අහස තුළ විහිදී යන්නා වූ විදුලි දහරාවන් විශාල ආලෝකයක් ලෙස පොළොව මත පතිත වෙමින් යම් දිනක ලොව නවතිනු ඇත. මේ මහා විනාශය දැන් බුර බුරා නගින ගිනි ජාලාවක් වන්නට ඉතා ආසන්න ය. මේ ජලය ජල වාෂ්ප වී කුණාටුවක් බවට පත් කරමින් පොළොව කම්පා වෙමින් මහා විශාල පරීක්ෂනයකට බොහෝම කෙටි කලක් තුළ ලෝ වැසි ජනතාවට මුහුණ දෙන්නට සිදුවනු ඇත. මනුෂ්‍යයා තවමත් නොදනී, දෙවිඳුන් කවුරුන් ද  කියා. මැවුම්කරුවාණන් වන එකම දෙවිඳුන්ට ගරු නොකරන තැනැත්තේ සාප ලද්දෙකි. දෙවිඳුන් අභිමුව ගරු බුහුමන් කරමින් දෙවිඳුන්ට වන්දනා මාන කරන්නෝ කවරහු ද? දෙවියන්ගෙන් ලද වරප්‍රසාදයන් තුළ ඔහු ධනවත් වනු ඇත. මනුෂ්‍යයා බලන බැල්ම ලෙස නොවෙයි, දෙවිඳුන් ඔබ දෙස බලන්නේ. දේව රාජ්‍යයේ සිටින මහා එඩේරාණන් ඔබ දෙස බලා සිටින්නේ බැටළුවන් රකින එඬේරෙකු මෙනි. මා ප්‍රේමාදර වූ දරුවෙනී, ජාති කුල ආගම් භේද නොමැත. ජාතියක් ජාතියකට විරුද්ධව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධව ද නැගී සිටින කාලය පැමිණ ඇත. මේ ආකාරයෙන් අතීතයේ මෙවැනි අනාවරණයන් ඔබ වෙත එවා ඇත. විවිධාකාර අනතුරු, රෝග ලෝකය වෙත, ඔබ වෙත පැමිණෙමින් තිබේ. මේ භයානක යුගය යි, දැන් පැමිණ ඇත්තේ. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, අවදි වන්න. අඳුරට ගුලිවී නොසිටින්න. ඔබට ආදරය කරන ප්‍රේම කරන ඔබව තුරුල් කර ගන්නා වූ ඔබ නොහඳුනන කෙනෙකි, මේ ඔබ අමතන්නේ. ඒ  වාගේම දේව වචනය හෙළාදකින, ප්‍රතික්ෂේප කරන, නිගා කරන පවිටු ජනයෙනී, මම ඔබ දෙස බලා සිටිමි. මක්නිසාදයත් නැවත නැවත කියමි, භයානකම මොහොත යි එළැඹ ඇත්තේ.”

“ දූ දරුවෙනී, නායක නායකයිනී, රාජ්‍ය නායකයිනී, සභා ශ්‍රේෂ්ඨයෙනී මම ඔබට නැවත කතා කරමි. මෙය ඔබගේ යුතු අයුතුකම් ගැන මෙනෙහි කරන්න කාලය යි. පළමුව ඔබ ඔබ දෙස අවදි වන්න, ඉන් පසු ජනතාව වෙත ඔබගේ යුතුකම් ඉටු වී දැයි විමසා බලන්න. ලෝකය නම් එකම රංගනයකි. මුළු ලෝකයම දැන් වේශ්‍යාවක් වී ඇත. ඒ නිරුවත ඔබ දැකිය යුතු මොහොත යි, දැන් පැමිණ ඇත්තේ. ඔබ ඔබගේ නිරුවත දකින්න, අවදි වන්න, ඔබ සමිඳුන්ගේ හඬ ඔස්සේ ගමන් කරන්න. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, වාතය ඔබ‍ට ජීවය දෙනු ඇත. ජලය ඔබව ජීවත් කරවනු ඇත. ජීවන හුස්ම ඔබට දී ඇත්තේ ඔබගේ මැවුම්කරුවාණෝ ය. එසේ නම් එය ඉවතට ගත් කල ඔබ කපා හෙලූ කඳක් මෙන් බිමට ඇද වැටෙනු ඇත. එම නිසා ඔබ බදා ගෙන තිබෙන දේ අත් හැරිය යුතු කාලය යි, දැන්. දෙවිඳුන් ප්‍රේමය මෙන්ම උදහස ඇවිලෙන ගිනි ජාලාවක් මෙන් ය. ඇවිල දැවෙන ගිනි උඳුනක් මෙන් ය. පියාණෝ ද පුත්‍රයාණෝ ද ශුද්ධාත්මයාණෝ ද වන ත්‍රිත්වික දෙවිඳුන්ගේ මහා බලසම්පන්න වූ බල මහිමය තුළින් පුත්‍රයාණන් වෙත අනාවරණය කරන ලද මේ වදන් ලෝකයා වෙත දිග හැරෙන මොහොත යි, මේ. පියාණන් ද  පුත්‍රයාණන්  ද ශුද්ධාත්මයාණන්  ද වන ත්‍රිත්වික දෙවිඳුන් විසින් අනාවරණය කරන බොහෝ දෑ දෙව් මවුන් විසින් ද ලෝකයට අනාවරණය කරමින් ඇත. ස්වර්ගයෙන් ලද පණිවුඩ බොහෝ දිවැසිවරුන් මාර්ගයෙන් ලෝකය වෙතට ඒවා ඇත. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, ලෝකයට ඇසෙන්නට යාච්ඤා කළ පමණින් ඔබට දෙවිඳුන්  දැකිය නොහැක. යාච්ඤාව ඔබගේ ආහාරය විය යුතුමය. දේව වචනය ඔබගේ ආහාරය විය යුතුමය. යාච්ඤාව මෙන්ම ඔබගේ ජීවිතය, ඔබගේ ඇතුළු සිත, ඔබගේ ක්‍රියාවන්, හැසිරීම් සියල්ලම ගැඹුරු යාච්ඤාවක් මෙන් විය යුතුය.  මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, නිහඩ නිශ්චල දිය දහරාවක් මෙන් ගලා යන්නට ඉඩ හරින්න, ඔබගේ ජීවිතය. විටෙක ඔබටත් නොදැන ඔබගේ ඇතුලත විශාල තද කුණාටු හමනු ඇත. මහා ගිනි උඳුනක් ඔබ තුළම දැවෙනවා ඔබට දැනෙනු ඇත. ලෝකයාට ප්‍රේම කිරීම පිටාතරින් පෙන්නන්නට ගියාට දෙවි සමිඳුන් තුළ එය කළ නොහැක. සියල්ල දකින දෙවියෝ සියල්ලට පල විපාක දෙන සේක.”  

“ මා ප්‍රේමාදර වූ දරුවෙනී, මුළු ලෝ වැසි ජනයෙනී, මනාලයා මනාලිය වෙත පැමිණෙන කාලය ඉතා ආසන්න ය. එවිට අහස ගිගුරුම් දෙයි. පොළොව ප්‍රීති නාද පවත්වනු ඇත. මැවුම්කරුවාණන් විසින් මවන ලද මුළු සොබා දහමම ප්‍රීතිමත් වනු ඇත. සව් සත ප්‍රීතියෙන් ඉපිලෙනු ඇත. සව් සරියෙන් ලොව සපිරෙනු ඇත. තෙද බලැති මහ රජිදාණන් වන මහෝත්තම දෙවි සමිඳුන් මේ පොළොව මත පා තබන මොහොත ආසන්න බැවින් මුළු විශ්වයම එක විට වේගවත්ව චලනය වනු ඇත. විනාඩි කිහිපයකට මුළු පොලෝ තලයම සෙලවෙනු ඇත. දෙවිඳුන්ගේ මේ ආඥා, මේ දැනුම්දීම පළමුව සතා සිවුපාවා දැනගනු ඇත. මනුෂ්‍යයාට වඩා සත්ව ගෝත්‍රය දෙවිඳුන් හඳුනයි. ඔවුන්ගේ නිහැඩියාව, නිශ්චල බව මුළු ලෝකයම විටෙක දකිනු ඇත. දෙවිඳුන්ගේ අණ පණත් ප්‍රතික්ෂේප කරන්නන්  ඇවිල දැවෙන ගිනි උඳුනටම දමමින්, පියාණන්ගේ මහා ප්‍රේමය උදෙසා පවිත්‍ර කරනු ඇත. ඒ කාලය කොතෙක් දැයි  කිව නොහැක. ඒ නිසා මා ප්‍රේමවන්ත දරුවෙනී, ඔබ ඔබ අවට සියල්ල ගැන පමණක් නොවෙයි ලෝ වැසි ජනතාව වෙත කරුණා නෙත්, කරුණා සිත් යොමන්න. දයාබර වූ සිතකින් අන් අය වෙත ප්‍රේම කරන්න. එකිනෙකාට උදව් වෙන්න. තමා තමාටම සියල්ල කර නොගෙන අනෙකාට උදව් වෙන්න. මනාලියට තවමත් නොදැනේ, මනාලයාගේ ස්වරූපය. මනාලිය තවමත් නිවැරදි ආකාරයෙන් සැරසී නොමැත. අඩුපාඩු බොහෝ ය.”

“ මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, ඔබගේ හිමිපාණෝ ඔබ වෙත සෑම කල්හිම, සෑම මොහොතකදීම, සෑම තත්පරයක් තුළදීම අවදියෙන් සිටින සේක. දැන් බොහෝ දේවස්ථානවල යැදුමට පිදුමට ඉඩ නැත, එදා මා අනාවරණය කළ පරිදි ජාතියක් ජාතියකට විරුද්ධවත්, ආගමක් ආගමකට විරුද්ධවත්, රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැගී සිටින කාලය ඇරඹී ඇති නිසා. මෑතකදී එවැනි මොහොතක් උදා වූ තැන් පටන් තවම ඒ මහා පරීක්ෂණය සිදු වෙමින් ඇත. ලෝකයට දූතවරු පාත්‍ර රැගෙන බැස ඇත. එක් දූතයෙක් බොහෝ රෝග සහිත පාත්‍රය රැගෙන ඇත. තවත් දූතයෙක් ලෝකයේ විවිධ තැන්වල මහා භූ කම්පනයන්  හා විශාල කුණාටු සිදුකිරීමට පාත්‍රයක් ද රැගෙන ඇත. විවිධ තැන්වල ඔවුන්ව සිටුවා ඇත. පියාණන්ගේ ඉඟිය ලැබුණු සැනින් ලොවම එකම මොහොතක නවතිනු ඇත. මේ භයානක කාලය එළඹෙමින් තිබේ. මා ප්‍රේමවන්ත දූ දරුවෙනී, මේ මහා අනාවරණය මුළු විශ්වයටමයි. මෙය විවිධ භාෂාවලින් ලෝකය වෙත දැනුම් දිය යුතුමය.”

“ සභා නායකයිනී, පූජකවරුනී, කන්‍යා සොයුරියනී අවදි වන්න. මක්නිසාද අද සභාව ද නිරුවතින් සිටින්නා සේ පෙනෙනු ඇත. එම නිසා ඔබ අතරින් අල්පයක් සමිඳුන්ගේ මාර්ගය සොයා ගනිමින් පිපාසිතව ගමන් කරනු ඇත. ඔබ ඉතා ආශාවෙන් තෝරා ගන්නා ලද කැඳවීමට ආදරය කරමින් දෙවියන්ට ගරු බුහුමන් කරමින් ඔබ සැබෑ ලෙස මේ බැටළුවන් පෝෂණය කළ යුතුමය. ඔබ ඔබගේ වාසිය තකා නම් පූජක හෝ පැවදි ජීවිතයට ඇතුළු වූයේ ඔබට පැමිණෙන දඬුවම භයානක වනු ඇත. මක්නිසාද අසරණව කෑ ගසන, මොරදෙන බැටළුවන් ඔසවාගෙන යන්නට මම ඔබලා තෝරා පත් කළෙමි. තමාගේ වාසිය තකා නම් තම සේවාව භාර ගත්තේ, ඒ කිසිවෙකුටවත් සමාව නොමැත. ලෝ වැසි ජනතාව රැවටුව ද කිසිවෙකුට දෙවිඳුන් රැවටිය නොහැක. එය යි සත්‍යය. නිලතල බලාගෙන තම තමාට අවශ්‍ය වන ලෝ සැප සම්පත් බලාගෙන එය භුක්ති විඳීම නම් කැමැත්ත, එය මහා භයානක වනු ඇත. ඔබගෙන් නික්මෙන්නා වූ වදන ප්‍රේමයේ වදනක් නම් ඒ වදන තුළ ඔබ එඩේරුන් හැටියට නායකයින් හැටියට ඒ තුළ ජීවත් වී පෙන්විය යුතුමය. අන්න එවිටයි, අනිත් අයව නිවැරදිව ගමන ගෙන යන්නට පහසු වන්නේ.”  

“ සියලු නායකවරුනී, ඔබට පැවරී ඇති ඒ මහා සේවාවන් තුළ අසරණ ජනතාව ඔබව තෝරා පත් කර තිබෙන්නේ ඔවුන්ගේ ඕනෑ එපාකම් සලසා දෙන්නට යි. ඔවුන්ගේ  විශ්වාසයට උත්තර දෙන්නට යි, ඔබ නායකයෙක් වී සිටින්නේ. ඔවුන්ගේ විශ්වාසය සාධාරනය ඉටු කිරීමට යි ඔබ නායකයෙක් වී සිටින්නේ. එසේ නොවන්නේ නම් අහෝ ඔබට වෙන විපතක මහත. මක්නිසාදයත් මෙලොවින් සමු ගන්නා කල බොහෝ දේට මුහුණ දීමට සිදුවනු ඇත. බොහෝ විට මනුෂ්‍යයා නොදනී, තමා කරන දේ අනුව මේ ලෝකය තුළම බොහෝ විට බොහෝ දේවල්වලට දැඩි දඬුවම්වලට මුහුණ පාන්න සිදුවන බව. සොබාදහම විසින්ම ඒ මහා භයානක පරීක්ෂණයට ඔබලා හසු වනු ඇත. අවදි වන්න. ඔබ කතා කරනා දේ සුළගේ පාවෙන වචනයක් නොවන්නට වග බලා ගන්න. ඔබගෙන් පැමිනෙන්නා වූ වචනයට ජීවයක් දිය හැකි විය යුතුය. ඔහේ පාවී යන්නා වූ වදන් අයිති කරගෙන තමා තුළම ගිනි අවුලා නොගන්න. තමාව පෝෂනය කරගන්නට පුළුවන් තවත් කෙනෙකුව පෝෂනය කරන්නට පුළුවන් වදන්වලට පාවී යන්නට ඉඩ නොහැර අයිති කර ගන්න.”

“ මේ ලෝකයේ සැප සම්පත් භුක්ති විඳින්නා වූ ජනතාවෙනී, මේ සියලු සම්පත්වලින් ඔබ තාවකාලිකව ප්‍රීති වනු ඇත. නමුත් ඒ ප්‍රීතිය නොමැතිව දුක් විඳින අසරණ පීඩා විඳින ජනතාව මේ තුළ දුක් වින්දත් ස්වර්ගය තුළ ධනවත් වනු ඇත. දිළිඳු ජනතාව ස්වර්ගය භුක්ති විඳිනු ඇත. සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝ යැයි කියන්නේ එබැවිනි. මක්නිසාද ස්වාමින්වහන්සේ සියලු සිත් හඳුනන සේක.”

“ මගේ මේ කාර්යය සඳහා මා විසින් තෝරා ගන්න ලද ශ්‍රාවකයිනී, ඔබගේ කැඳවීම නිහඬව මුළු ගැන්වී සිටීම නොවේ. ඔබ මා පරීක්ෂා කරනු ඇත, මා ඔබ පරීක්ෂා කරනු ඇත. ඔබ මා විවේචනය කරනු ඇත. මා ඔබට සමාව දෙනු ඇත. ශ්‍රාවකයිනී, තමා වටා ජනතාවක් කොටසින් කොටස රැස් කරගෙන යන ගමන නොවෙයි මම ඔබලාගෙන් බලාපොරොත්තු වන්නේ. මුළු ගැන්වී එකිනෙකා විවේචනය කිරීම නොවෙයි, මම ඔබලාගෙන් බලාපොරොත්තු වන්නේ. එකට ඒකරාශීව එකමුතු වෙමින් තම තමුන්ගේ නිරුවත දකිමින් දැන්වත් ඉදිරියට එන්න. වසර ගණනකට උඩ දී මා ඔබ තෝරා ගත්තේ පරාජය බාර ගන්නට නොව ජයග්‍රාහී ලීලාවෙන් මේ ක්‍රියාවලිය ලෝකය වෙතට ගෙන යන්නට යි. අවදි වව්. මම පියාණන්ගේ පුත්‍රයා වෙමි, පියාණන්ගේ අණ පරිදි ප්‍රකාශ වෙමි. මාගෙන් ප්‍රාතිහාර්ය බලාපොරොත්තුවෙන් මුලු ගැන්වී සිටින විවේචනය කරන ශ්‍රාවකයින් මම දකිමි. දැන් ඔබ බලා සිටි කාලය යි මේ උදා වී ඇත්තේ. ඔබ බලා සිටින මොහොතේම ඔබලා තුළම ගිනි ඇවිලෙනු ඇත. වැළපෙමින් සමිඳුන්ගෙන් සමාව යදින මොහොත ළංවනු ඇත.”

“ මනුෂ්‍ය ශරීරයකින්, කාන්තා ස්වරූපයකින් මේ ලෝකයට ගෙන ආ මේ චරිතය තුළින් පියාණන් විසින් ප්‍රකාශ වන මේ වදන් තුළ ලෝකයා විසින් මැය නින්දාවට පත්කරමින් තවත් විවේචනය කරනු මම දකිමි, ප්‍රතික්ෂේප කරනු මම දකිමි, සිනාසෙන ආකාරය මම දකිමි. එවිට සමාව දෙන ලද වාර ගණන අනන්තය අප්‍රමාණය. දුගී පැල්පතකින් බොහෝ කම්කටොලු මැද ජීවත් වන්නට ගැමි පරිසරයකින් තෝරා ගන්නා ලද මේ චරිතය අද මෙලෙස ලෝකයටම හඬගා කියන්නට මට ඉඩ දී ඇත. ඇය ලෝකයා දකින සුරූපී ලලනාවක් නොවේ. නමුත් දෙවිඳුන් දකින සුවඳ හමන නිර්මල පුෂ්පයකි, ඇය, මඩ ගොහොරුවේ පිපෙන්නා වූ අලංකාරවත් මලකි, ඇය. තැනින් තැනට ගෙන ගොස් ඒ මල පිපෙනා කළ ඒ භූමිය සශ්‍රීක වන්නේය. ඇය ඉදිරියට එවන බොහෝ ජනතාවට සශ්‍රීක කාලයන් උදා වන්නේය. ඔවුන්ගේ කම්කටොලුවලට ඇහුම්කන් දෙන ස්වාමින් වහන්සේ ඔවුන්ට ආශීර්වාද වස්වන සේක. මා පරීක්ෂා කරන්නට පැමිණෙන අයට පරීක්ෂාව තුළම ගිලෙන්නට ඉඩ හරින සේක. විවේචනයන් තුළ උසුළු විසුළු කරන්නන්ට ඒ ඔස්සේම බොහෝ දුර යන්නට ඉඩ දෙන සේක. ස්වාමින් වහන්සේ ප්‍රාතිහාර්ය පාන්නේ නැත. නමුත් දෙවිඳුන්ගේ වදන් එලෙසම ය.  මම මම වෙමි.”

“ මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, පුහු ආටෝපයන්ගෙන් රැවටී ජීවිතය අඳුරට ගුලි නොකරන්න. ලෝකයේ පෙනෙන සුන්දරත්වය තුළ ජීවත් වන්නට ආශා නොවන්න. ස්වාමින් වහන්සේගේ වදන් ඔබ වටා පැමිණෙන කල එය මෙනෙහි කරමින් ස්වර්ගීය ධන සම්පත් උරුම කර ගන්නට උත්සුක වන්න. ඔබ ඔබ දෙස බලමින් ඔබව පවිත්‍ර කර ගන්න. ලෝක ආශාවන්ගෙන් මිදෙන්න. මේ සියල්ලම හැර දමමින් ඔබගේ ශරීරය පවා පොළොව මත පතිත කරමින් ඔබගේ ජීවන හුස්ම ඔබගේ ආත්මය රැගෙන යන්නට සමිඳාණන් වහන්සේ සිය දූතයන් එවන සේක, යම් මොහොතක. එය යි, පිවිතුරු ලෙස ඔබ රැක ගත යුතු ධන සම්පත වන්නේ. එසේ නොවන්නේ නම් පාපයේ ඇලී ගැලී සිටින එකිනෙකා විවේචනය කරන,  ප්‍රතික්ෂේප කරන ජනතාවට අහෝ වන විපතක මහත. ස්වාමින්වහන්සේ අපට එය පෙන්වුයේ නැතැයි, මේ ඉඟිය දුන්නේ නැතැයි දැන් ඔබට කිව නොහැක. මේ අවසාන පණිවුඩයේ දී මම ඔබට ප්‍රකාශ කරමි.”

“ මිනිසාට විවේකයක් නොමැත, ධාවන පථයක දුවන්නාක් මෙනි. මඳක් නවතින්න, ගිමන් හරින්න, ලෝකයේ සුන්දරත්වය විඳින්න, දෙවිඳුන් තුළ ප්‍රීති වන්න, ඔබ අවට සිදුවන දේ ගැන විමසිලිමත් වන්න, ඔබගේ සිතුවිල්ල දෙස මදක් හැරී බලන්න. බොහෝ ධන සම්පත් ලෝකය තුළ ඔබ ලැබුවත්, දෙවිඳුන් තුළ ඔබ දුගී දුප්පත් ය. ඔබට කිසි දෙයක් නොමැත. ලෝකය තුළ දුප්පත් වුවත් ඔබ දෙවිඳුන් තුළ පොහොසත් ය. ධනයට බලයට යට නොවන්න. මඳක් මෙනෙහි කර බලන්න, ධනය තිබුනාට මේ මොහොතේ පැමිණ තිබෙන වෛරසයෙන් ආරක්ෂා විය හැකි ද ? ධනයට බලයට ඒ  කිසිවක් කළ නොහැක. දේව වරප්‍රසාදය තුළ නියැලෙන්නා ගැළවෙනු ඇත. මොකක්ද, මේ ලෝකය තුළ සිදුවෙන්නේ කියා ආත්මිකව මෙනෙහි කරන්න. ඔබ දේව ගරු බිය ඇති තැනැත්තෙක් විය යුතුමය. ඔබ දෙවිඳුන්ට ගරු කරන්නෙහි ද, පියාණන් විසින් ඔබව ආශීර්වාද කරනු ඇත. ඔබ යාච්ඤා කරන කල මහා ඝෝෂාකාරී ලෙස එය කිරීම පමණක් නොව, ඒ යාච්ඤාව විලසම ඔබගේ ජීවිතය ගෙන යාම යි ස්වර්ගීය ස්වාමින් වහන්සේ බලා සිටින්නේ. ඔබ යම් කෙනෙකුට යම් විදිහක මඟ පෙන්වීමක් දෙන කල, එය දීම සුදුසු දැයි ඔබගෙන්ම විමසන්න. මම ඒ කෙනාට දෙන මේ පණිවුඩයෙන් ඒ කෙනාගේ ජීවිතය ගළවා ගන්නට නම් මම මාව ගළවාගෙන තිබෙනවා දැයි මෙනෙහි කර බලන්න, මොහොතක් නැවතී. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, අද මුළු ලෝකයම  වෙසඟනක් වී ඇත. පිවිතුරු වී සිටින්නේ බොහෝම අල්පයකි. එම නිසා මේ මහා ගැඹුරු පණිවුඩයට හොඳින් ඇහුම්කන් දෙන්න. ගත යුතු දේ ගන්න. ජීවමාන වූ ස්වාමින් වහන්සේ  සමඟ ඉදිරියට එන්නට තීරණය කරන්න. පුහු ආටෝපයන් සමඟ ජීවත් නොවන්න. එකිනෙකා ගේ දුර්වලකම් දැක එය විවේචනය නොකරන්න. ඔබට හැකි නම් ඔවුන් ගළවාගන්නට උර දෙන්න. සමාව දෙන්න. යමෙක් ගැන යම් අඳුරක් සිත් තුළ තබාගෙන ඔහුට හෝ ඇයට වෛර කරන්නේ නම් සමාව දී ගන්නට බැරි නම්, ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔබ දෙවිඳුන් මග යන දේව දරුවෙක් නොවන්නෙහිය, ස්වර්ගීය ධන සම්පත් උරුමකර නොගන්නෙහිය.”

“ මහා බලසම්පන්න වූ බල පරාක්‍රම දෙවි සමිඳුන් වන මම මේ  මොහොතේ වැඩම කොට ඔබ සෑම සියලු දෙනාටම එක ලෙස ප්‍රේම කරමින් එකම ආගමකටවත් සීමා නොකරමින් සියලුම ජනතාවට ප්‍රේම කරන දෙවි මහෝත්තමයාණන්ගේ පණිවුඩය යි, මෙය. ඔබ මොන දහමක ජීවත් වුනත් දැහැමි ලෙස ධර්මානුකූලව ජීවත් වන්න, කිසිම දහමකට කොටු නොවන්න, ඔබගේ නිදහස යහපත් ලෙස භුක්ති විඳින්න. දෙවිඳුන්ගේ රැකවරණය තුළ ඔබව සීමා කරමින් ආරක්ෂා කරනු ඇත. දෙවිඳුන්ට ඇහුම්කන් දෙන්න. ස්වර්ගීය ධන සම්පත් උරුම කර ගන්නට ආශා කරන්න. මා දෙන පණිවුඩය මෙය යි, ප්‍රේමවන්ත වූ දරුවෙනී. පියෙක් තම දූ දරුවන්ට තරවටු කරන්නේ තරහකට නොවේ, ඔවුන් හදා ගැනීමට යි, අසීමිත වූ ආදරයක් නිස යි. ඒ පියාටත් වඩා දෙවි පියාණන්ගේ ආදරය අතී විශාල යි. ඉතින් මා ප්‍රේමවන්ත ජනතාවෙනී, සියලු දරුවෙනී, මම ඔබ සැමට ප්‍රේම කරමි. අසීමිත ලෙස ආදරය කරමි. එම නිසා නැවත මම ඔබට කියමි, අවදි වන්න. කාලය භයානක වී ඇත. ජීවිතය දෙස ආපසු හැරී බලන්න. ජීවිතය හදා ගන්නට උත්සාහ කරන්න. එය යි, මගෙන් ලද පණිවුඩය. නැවත පියාණන් විසින් අණ කරන විට මම ඔබ වෙත පැමිනෙමි. පියාණන් ද පුත්‍රයාණන් ද ශුද්ධාත්මයාණන් ද වන මම ඔබ ආශීර්වාද කරමි, දේව වරප්‍රසාදයෙන් පූර්ණ කරමි. ආමෙන්.

මා,

ඔබගේ ගැළවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්.

ශුද්ධාත්මයාණන්ගේ ඒ මහා ශුද්ධාත්ම වැගිරීම ලොවට පැමිණෙමින් ඇත.

16 – අගෝස්තු – 2020

“ලෝ වැසි මුළු මිනිස් ජනතාව උදෙසා දෙවි සමිඳුන් වන මා දෙන දේව හඬ සහ දේව අණ යි මේ නික්මෙන්නේ. මා ප්‍රේමවන්ත දරුවෙනී, මුළු විශ්වයම මේ මොහොතේ කැලඹිල්ල තුළ පොර බදමින් විවිධාකාර කුණාටු සහිත තැනකයි තිබෙන්නේ. ඒ පියාණන්ගේ සැලැස්මයි. පියාණන් මේ මොහොතේ බලා සිටින්නේ ජනතාවගේ අවදි වීම දෙසයි. මා කොතෙක් පණිවුඩ ලෝකයට දුන්නත් තාම ස්වල්ප දෙනෙක් පමණයි  අවබෝධ කරගනිමින් ජීවිතය සාදා ගන්නට වෙර දරන්නේ. මා ප්‍රේමවන්ත දරුවෙනී, මුළු ලෝ වැසි ජනතාවට උතුම් වූ ආදරය ලැබෙන්නේ පියාණන් ගෙනි. ශුද්ධාත්මයාණන්ගේ ඒ මහා ශුද්ධාත්ම වැගිරීම ලොවට පැමිණෙමින් ඇත. ඒ මහා වරප්‍රසාදය ලබන්නට බොහෝ අය සුදුස්සන් වෙමින් පවතී. තවද සියල්ලන් සුදුස්සන් කරගන්නට පියාණෝ බලා සිටිති. ඔවුනොවුන් ආපසු හැරී එන තෙක් ඔවුනොවුන්ගේ නිදහස් කැමැත්තට අත නොතබන දෙවියන් වහන්සේ තවමත් බලා සිටිති. විශ්ව නිර්මාතෘවරයාණන් වන පියාණෝ ලෝකය ආලෝකවත් කරමින් දෙවන පැමිණීමට සූදානම් වෙමින් සිටිති. මේ මොහොතේ ලෝකයා ඔවුනොවුන් ගත කරන ජීවිත තුළ වෙනත්ම රටාවකට ජීවිතය හැඩගස්වා ගනිමින් සිටිති. පියාණන් විසින් සූදානම් කර ඇති නිවැරදි මාර්ගය දෙසට හැරී එන තෙක් පියාණෝ දෙඇස් නොහෙලා බලා සිටිති. ධනය බලය පරාජය කරමින් දේව රාජ්‍යය උදා කරන්නට, මිහිපිට දේව රාජ්‍යය ගොඩ නගන්නට ස්වර්ගයෙහි දේව ජීවිත මිහිපිටට පැමිණීමට ඉතා ආසන්නය.”

“මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, මුළු ලෝ වැසි ජනතාවටම ආදරය කරන දෙවි සමිඳුන්  මමයි. සියල්ලන්ගේ අයිතිකරුවාණෝ මම වෙමි. සියළු බලය හමුවේ, සියළු ධනය හමුවේ ඔවුනොවුන් විසින් මවාගෙන තිබෙන්නා වූ ඒ විවිධාකාර රාජ්‍යයන් කුඩුපට්ටම් කරමින් දේව රාජ්‍ය ඇරඹෙන්නට ආසන්නයි, මේ මිහිතලය මත. සියලු ආගම් නායකවරුනී, සියලු ජන දරුවෙනී, ඔබ හැම එකට ඒකරාශී වෙමින් එක පවුලක දරුවන් මෙන් එකට සිතනා මොහොත, එකට ජීවත් වෙන්නා වූ එකට සැරිසරමින් ඒකත්වයක් වෙමින් එකම රාජ්‍යයකට අයිතිවාසිකම් කියන්නට උරුමකම් කියන්නට ඔබ හැම එක්තරා දිනක සූදානම් වනු ඇත. කුල්ලෙන් හලා පොලා වෙන් කර ගන්නාක් මෙන් ඔබගේ දෙවි වූ ස්වාමින් වහන්සේ ඔබව තෝරා ගනිමින් මේ මොහොතෙත් තෝරමින් සිටිති. මා ප්‍රේමවන්ත දරුවෙනී, මුළු ලෝකයම කැළඹෙමින් ඒ මහා පවිත්‍රකිරීම තුළ විවිධාකාර පැතිකඩවලින් ලෝකය සුදානම් වෙමින් ඇත. ධර්ම අධර්ම යුද්ධය ආරම්භ වී ඇත.”

“පවිටු ජනයෙනී, ඔබ ඔබගෙන්ම විමසන්න, ඔබගේ ගමන් මග අවබෝධ කර ගන්න, ඔබ ඔබවම දකින්නට සූදානම් වන්න. ජාති කුල ආගම් භේද නොමැත.සියලු රාජ්‍යයන් එකට ඒකරාශී කර ගනිමින්, සියලු සභාවන් එකට ඒකරාශි කර ගනිමින් එකම මනුෂ්‍යත්වයක් තුළ, එකම ලෝකයක් තුළ එකිනෙකාට උදව් වෙමින් එකිනෙකාට ආදරය කරමින් එකිනෙකාව ජීවත් කරවීම තමා ඔබගේ වගකීම වන්නේ. අනෙකාට වින කිරීම, අනෙකාට වෛර කිරීම, අනෙකාගෙන් පලි ගැනීම ඔබට අයිති නැත. ඔබට වෛර කරන්නාට ප්‍රේම කිරීම ඔබ සතුය. ඔබ ලෝකයට පෙනෙන්නට දෙවියන් අයිති කර ගත්තාක් සේ පෙන්නුවාට ඒ තුළ දෙවියන් වහන්සේ ඔබ දෙස බලා සිටිති. කිසිවෙක් කිසිවෙකු රවට්ටන්නෙහි ද, ඒ තුළ ස්වර්ගයේ ස්වාමින් වහන්සේ ඔබ දෙස බලා සිටිති. ඔබ ඔබ විසින්ම මවා පාන්නාවූ පුහු දේවල් තුළ ඔබට දැඩි දඩුවම් ලැබෙනු ඇත. මක්නිසාද ඔබ ඔබ දෙස හැරී බලන්න, ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න. හද පත්ලෙන් ප්‍රේම කරන්න, අන්න එවිට මතු දිනක ඔබ පරපුර ස්වාමින් වහන්සේගේ ආශීර්වාද ලත් ජනතාවක් වනු ඇත. ඔබගේ පරපුර දෙවි සමිඳුන්ගේ මහා වරප්‍රසාදයන් තුළ ඉදිරියට ගමන් කරනු ඇත. දේව සභාව තුළ කිතුනු දහම තුළ සැබෑ කිතුනුවෙකු ලෙස ජීවත් වෙන්න. මොනයම් දහමක් තුළ ඔබ සිටියත් ඒ දහමට අනුකුලව ඔබ එකිනෙකා එකිනෙකාට ප්‍රේම කරමින් එකිනෙකාව වැළඳ ගනිමින් එකිනෙකාට උදවු වීම තුළ ඔබ තුළම ඔබට ආවේනික වූ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගොඩ නැගෙනු ඇත.”

“මා ප්‍රේමවන්ත දරුවෙනී, ඔබ ඔබවම රවටා නොගන්න. ඔබ කරනා දේ තුළ ඔබ ලෝකයාට මොන දේ පෙන්වූවත් ඔබගේ ඇතුලත දකින දෙවියන් වහන්සේ එයට අනිවාර්යයෙන්ම උත්තර දෙනු ඇත. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, ඔබ කරන්නා වූ සෑම සියලු දේ තුළ රිදුම් දෙන්නේ මැවුම්කරුවාණන්ටම ය. මුළු මිනිස් ජනතාව දෙස බලා සිටින ඔබගේ දෙවි වූ ස්වාමින් වහන්සේ ඔබ දෙස බලා සිටිනු ඇත. සභා නායකයිනී, රාජ්‍ය නායකයිනී, විවිධාකාර දහමට අනුකූල දහම් නායකයිනී, ඔබ හැම කෙනෙක්ම අවදි වන්න. එකම දහමකට කොටුව එකිනෙකා විවේචනය නොකර හැම කෙනෙක්ම අත්වැල් බැඳ ගනිමින්, එකමුතු වෙමින් මුළු මිනිස් ජනතාවගේ සහෝදරත්වයෙන් ඒකරාශී වෙමින් ලොවට පණිවුඩය ගෙන දෙන්න. පියාණන්ට සැනසුම උදා කර දෙන්න. පියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින්නට සුදුස්සන් වන්න. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, සැබෑම මනුෂ්‍යත්වය ඔබ තුළ ගොඩ නගා ගන්න. ස්වර්ගීය පියාණන්ගේ මහා වරප්‍රසාද ලබා ගන්න. සාතන්ට ලංවීමට ඉඩ නොදෙන්න. ලෝකයේ සුන්දර යැයි දකින සියල්ලම  සුන්දර නොවනු ඇත. මහා මායාවකින්, අඳුරු පටලයකින් එලෙස ඔබ වසා සිටින දෙයින් එලියට එන්න. දිව්‍යමය ස්වාමින් වහන්සේගේ ආලෝකය තුළ ජීවත් වෙන්නට ඇතුළු වන්න. ඔබගේ ඇතුළු සිත හිමට වඩා සුදු ස්වර්ගීය තැනක් කර ගන්නට දෙවි වූ ස්වාමින් වහන්සේ ගෙවුවා වූ මිලය,  ඒ රුධිරයේ බලයෙන් ඔබ ඔබවම මුළුමනින් පොඟවා ගන්න. දිව්‍ය ලෙයින් පවිත්‍ර වන්න, මා ප්‍රේමවන්ත දරුවෙනී. මා එලෙස ප්‍රකාශ කරන්නේ කිසිවෙක් කපා කොටා රුධිරය වගුරුවන්නට නොව ඔබ වෙනුවෙන් දිවි පිදුවා වූ, කුරුසිය මත ඇණ ගසනු ලැබුවා වූ ඒ දිව්‍ය එඬේරාගේ රුධිරයෙන් පෙඟෙන්නටයි මා මේ මොහොතේ ප්‍රකාශ කරන්නේ. ඔබගේ බැරි භාවයන්, ඔබගේ දුබලකම් ඉදිරියට ගෙනෙමින් ඒ රුධිරයෙන් පොඟවන්න, මා ප්‍රේමවන්ත දරුවෙනී.”

“මේ කෙටි කාලය තුළ ලෝකයම කැළඹුවා වූ වෛරසයක් නිසා  ජනතාව භීතියට පත්ව ඇත. එයින් පියාණන්ගේ ඇඹීම ආරම්භ විය, නමුත් එය අවසන් නැත. මා ප්‍රේමවන්ත දරුවෙනී, මුළු මිනිස් ජනතාවට කරන ආරාධනයයි, මේ. ඔබ ඔබ දෙසම ආපසු හැරී බලන්න. තමා තමාව සොයන්න පුරුදු වෙන්න. වැරදුනු තැන් සාදා ගන්න. මහා බලවත් තැනැන් වහන්සේගේ බලයේ අනුග්‍රහය ලබා ගන්න. ඔබගේ ජීවිතය ගොඩනැගෙන්නා වූ මහා ගසක් වන්නට මා හට ඉඩ දෙන්න, පල දරනා මිදි උයනක් කරන්නට සූදානම් වන්න. ඔබගේ ජීවිතය පලදායී ජීවිතයක් බවට පත් කර ගන්න. ඔබට ඇසෙන්නට කන් ඇත, කතා කිරීමට මුව ඇත, දකින්නට දෙඇස් ඇත, ක්‍රියා කරන්නට අත පය ඇත, සිතන්නට සිතක් ඇත, හදවතක් ද ඇත. මා ප්‍රේමවන්ත දරුවෙනී, මේ සියල්ල යහපත උදෙසා වැය කරන්න. යහපත් දැක්මක් තුළ සිටින්න. යහපත් දේට ඇහුම්කන් දෙන්න, හොඳ දේ අයිති කර ගන්න. හොඳ සිතුවිලිවලින් පිරෙන්න. අන්න එවිට ඔබ තුළම යහපත් පලදාවක් නිර්මාණය කරමින් ලෝකයට ඵලයක් ගෙනෙන්නට පුළුවන. මා ප්‍රේමාදර වූ දරුවෙනී, තවමත් ඔබගේ සූදානම් වීම, ඇහුම්කන් දීම අඩුය. භයානක කාලයක් ඉදිරියට එනු ඇත. එම නිසා නිරන්තරයෙන් තමා කරනා දේ නිවැරදි දැයි බලන්න. අන්න එවිට මොන භයානක දේ පැමිණුනත් ඔබ ආරක්ෂා වනු ඇත. ඔබට ගැළවීම, සුරක්ෂිත භාවය ලැබෙනු ඇත. ඔබ පරපුර රකිනු ඇත. මෙය දෙවි වූ ස්වාමින් වහන්සේගේ මහා මඟ පෙන්වීමකි. සියලු ජාතීන් සියලු ආගම් එකට ඒකරාශී වෙමින් එකම ලොවක් බවට පත්වීමට සූදානම් වන්න. එකම ලෝකයක කිසිම හිඩැසක් නැති පූර්ණත්වයේ සංකේතයක් වෙමින් එය ජය ගන්නට සලස්වන්න, මා ප්‍රේමවන්ත දරුවෙනී. මෙයයි මගේ පණිවුඩය.

මා,

ඔබගේ ගැළවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්.

ඔබගේ ගැළවීමට මග වන්නේ මනස්ථාපනයයි.

12 – මාර්තු – 2020

“මුළු ලෝකයේම සෑම දේශයක්ම නියෝජනය කරන නායකයින් වෙතයි.තම දේශය උදෙසා, තමා දේශයට නායකයෙක් නම් තමා විසින් ජනතාව උදෙසා කුමක්ද කර ඇත්තේ? තමා විසින් ජනතාව උදෙසා කුමක්ද කරමින් සිටින්නේ? ජනතාව තමාව නායකත්වයට පත්කළේ කුමක් සඳහාද? ජනතාව තමාව තෝරා ගැනීමේ දී තැබූ විශ්වාසයට තමා නිසි පිළිතුරු දී තිබෙනවාද? දේශ නායකයිනි, ඔබගේ හෘද සාක්ෂියට එකඟව ඔබ මොන යම් ධර්මයකට අනුකූලව ජීවත් වුවත් ඔබ ඔබවම පරීක්ෂා කර බලන්න යැයි මම මේ මොහොතේ ප්‍රකාශ කරමි. මක්නිසාද අද ලෝකයේ ජනතාව දෙස මඳක් හැරී බලන්න.ලෝක වාසී සියලු ජනතාවට මා විසින් ප්‍රකාශ කරන මේ දෙයට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔබගේ ගැළවීමට මග වන්නේ මනස්ථාපනයයි. ඔබ මෙයින් බේරෙන්නට නම්  ඔබගේ ජීවිතය දෙස ආපසු හැරී බලා මනස්ථාපනය වී, ඔබගේ ජීවිතය වෙනස් කර ගැනීම තුළ ඔබට ගැළවීම ලැබිය හැක.”

“රාජ්‍ය නායකයිනි, දහම් නායකයිනි, සියලුම නායකවරුනී, මූලිකත්වය ගෙන කටයුතු කරන සියලුම ජන දරුවෙනි, ලෝකයට වෙමින් පවතින විපතක මහත.මක්නිසාදයත් විපත් කල්හි තම තමා තම තමාව දැකීමෙන් සිත් හැරීමෙන් ජීවිත වෙනස් කර නොගතහොත් ඔබගේ ඉරණම භයානක වනු ඇත. මිනිසුන් අතර නොමිනිසුන් නොවන්න. ඔබ මනුෂ්‍යයෙක් නම්, මනුෂ්‍යත්වය දරාගෙන පැමිණියේ නම් ඒ මිනිසත්භාවය තුළ සැබෑ මනුෂ්‍යයෙක් බව වටහා ගන්න. ලෝකයට පෙනෙන්නට ඔබ කිසියම් දහමක් අයිති කරගෙන ඇති. ඔබගේ ඇතුලාන්තය තුළ, ඔබගේ ජීවත්වීම තුළ ඔබ කවුද කියා වටහා ගැනීමට කාලයයි, දැන්. ආත්මාර්ථයේ යදම් බිඳ දමන්න. මේ තාක් විපත් පැමිණ ඇතත් කිසිම රාජ්‍යයක් මේ භීතිය තවම වටහා ගෙන නොමැත. මෙය මෙතැනින් නිමා නොවනු ඇත. දැන් ඉතින් මුළු විශ්වයම පවිත්‍ර කිරීම මේ විනාශයන් තුළ ආරම්භ වෙමින් පවතී. එම නිසා ඔබ ඔබව ගළවා ගැනීම උදෙසා කුමක් කළ යුතු දැයි මෙනෙහි කර බලන්න.”

“අහෝ ! ශ්‍රී ලංකා රාජ්‍ය ජනතාවෙනී, රාජ්‍ය පාලනය කරන නායකයිනි, දැන් ඔබ එක් රැස් විය යුත්තේ ඔබගේ බලය ලබා ගැනීම පිණිස නොවේ. එය පසෙකට දමන්න. ඔබ කෙරෙහි විශ්වාසය තබමින් ජනතාව ඔබව අද උසස් කොට ඇත. ඒ විශ්වාසය මේ මොහොතේ ඔබ රකින්නේ නම් ඔබගේ දේශපාලන ජීවිතය නොව බල ලෝභය නොව ඒ සියල්ල පසෙක තබා සියලුම ජනතාව වෙත හැරී බලන්න. ඔබ ගත යුතු පියවර ගන්න. පළමුව ඔබ ඔබවම පරීක්ෂා කොට බලන්න, ඔබ කොතැනද සිටින්නේ. මෙය ධන බලයෙන් ගළවාගත හැකි තැනක් නොවෙයි. රාජ්‍ය බලයෙන් හෝ මුදල් බලයෙන් කිසිවක් කළ නොහැක.මේ විශ්වය දෙස බලන්න. ඔබලා තුළ අපවිත්‍ර වෙමින් පවතින ඔබලාගේ ඇතුලත තිබෙන හෘද සාක්ෂිය නමැති ගෘහය පවිත්‍ර කර ගැනීමේ මොහොතයි, මේ. අවදි වන්න. මනස්ථාපනය වන්න. මේ පණිවුඩය සියලුම දහම්වලට පොදුය. මෙය එකම දහමකට කොටු වී කතා කරන පණිවුඩයක් නොවන්නේය. මෙය මුළු මිනිස් වර්ගයා උදෙසා ප්‍රකාශ කරන්නා වූ මහා පණිවුඩයයි. සෑම රාජ්‍ය නායකයින් ඇතුළු මුලු මිනිස් ජනතාවම එකතු වී ඔබ එකිනෙකා අදහා ගන්නා වූ, ඔබ එකිනෙකා වැළඳගෙන තිබෙන්නා වූ ඒ ධර්මයට අනුකූලව ඔබගේ ජීවිත හැඩ ගස්වා ගන්න.”

“සභා ශ්‍රේෂ්ඨයිනි, ඔබ කොතැනද සිටින්නේ? ඔබ දේව වචනය ලෝකයට ප්‍රකාශ කරන්නට ඇප කැප වී සිටින්නෙහි නම් ඔබ මේ මොහොතේ කිසිවෙකුට ඇඟිලි දික් නොකරන්න. මක්නිසාදයත් ඔබ සැම සියළු දෙනාම පාපයේ ඇලී ගැලී ඇත. කිසිවෙකුවත් නිවැරදි තැනට ඇවිත් නැත. නොමිනිසුන් අතරට නොවැටෙන්න. මිනිසත්භාවය ලත් නියම මනුෂ්‍යත්වයෙන් පෙනී සිටින්න.”

“ඔබ ඔබගේ ශරීරය තුළ ශක්තිමත් නම්,නිවැරදි නම්, නිවැරදි මනසකින් නම් නිවැරදි ස්වරූපයකින් පෙනී සිටින්නේ නම්, ඔබට මොන විපත් පැමිණුනත් ඔබ ගළවනු ඇත. පියාණන් මුළු විශ්වයටම අධිපති වූ තැනැත්තේ මුළු විශ්වය දෙස බලා සිටිනු ඇත.එම නිසා අවදි වන්න. තම පරපුර උදෙසා ලෞකික වස්තුව රැස් නොකරන්න, තමා උදෙසා රැස් නොකරන්න. ඔබ දැනුම ලත් දේ තුළ ඔබ ඔබගේ ප්‍රේමයේ පණතට ඇතුල් වන්න. ඒ මහා ප්‍රේමය කිසිවෙකුවත් රිද වන්නේ නැත. ඒ ප්‍රේමය නම් එකා මෙන් එකමුතු වෙමින් සියලු දෙනාම එක්සිත් වීම තුළ විශ්වයම එකම රාජ්‍යයක් බවට පත්වීමයි. ඒ මහා බලය තුළ ඒ යහපත් ගති පැවතුම් තුළ, නිහතමානීකම් තුළ, ඉවසීමෙන් සහ ප්‍රඥාවෙන් යුතුව ඔබ එකිනෙකාට ප්‍රේම කරන්නෙහි නම් ඔබත් ගැළවී ඔවුනුත් ගැළවෙනු ඇත. ජාති ආගම් කුල භේද නොමැත.සියල්ලෝම එකට එක්ව මේ පැමිණ තිබෙන්නා වූ භයානක ව්‍යසනයෙන් මිදෙන්නට නම් ඔබ හැම කෙනෙක්ම ආපසු හැරී බැලිය යුතුයි. මනස්ථාපනය අත් දැකිය යුතුයි. කාලයෙන් කාලයට මනුෂ්‍යයාට සමාව දෙමින් බලා සිටින තැනැත්තේ ඔබ සැම පරීක්ෂණය කරනු ඇත. ඔබගේ මනස්ථාපනය තුළ, මේ හැම අනතුරක්ම පියාණන් විසින් ලොවට ඒවා තිබෙන සියල්ල ආපසු ගන්නට පුළුවන. එය සිදුවන්නේ ඔබගේ මනස්ථාපනය මතයි. තුනෙන් දෙකේ පවිත්‍ර කිරීම අද වේගයෙන් ඇරැඹී ඇත. ගිය වර්ෂයේ පටන් ගනු ලැබුවේ ද මෙවැනිම කාලයකදීය. එදත් මා ප්‍රකාශ කළා ඊළගට පැමිණෙන කාලය ඊට වඩා බිහිසුණු බව. දිනෙන් දින ජනතාවට අමාරුම කාල වකවානු එනු ඇත. බොහෝ දේ අහිමි වනු ඇත. එය මෙතනින් නිමා නොවනු ඇත. ඔබ හුරුවී ඇති ඔබගේ සැප පහසු ජීවිතයට මෙතැන් පටන් විඳවීමේ කාලයකට මුහුණ දෙන්නට සිදු වනු ඇත. මක්නිසාද ඊළඟට පැමිණෙන්නේ මුදල් තිබුන ද ආහාරපාන වත් ගන්නට බැරි මොහොතකි.”

“තද කුණාටුව ආරම්භ වී ඇත.පියාණන් විසින් නිර්මාණය කර නිමවන ලද මේ විශ්වයේ  අහස්කුසේ පවා බොහෝ දේවල්වලින් මනුෂ්‍යයාට අමාරු වන තැන් පැමිණෙනු ඇත. එය ද දැන් සිදු වෙමින් පවතී. තව වසර කිහිපයකින් ශ්‍රී ලංකා දේශයෙහි  මුහුදු සීමාවන් තුළ සිටින ඒ පවුල් ඉවත් කරන්න යැයි රාජ්‍ය නායකයින්ට මම අණ කරමි. මක්නිසාද ශ්‍රී ලංකා භූමියෙන් තුනෙන් එකක් මුහුදුබත් වන්නට නියමිතව ඇත. එයද සිදුවන්නේමය. එම නිසා ක්‍රමයෙන් බිහිසුණු තත්වයක් උදාවෙමින් පවතින නිසා, මා ප්‍රේමවන්තවූ මාගේ දරුවෙනී, මේ පණිවුඩය ඔබ ගැඹුරින් ඇහුම්කන් දී අයිති කර ගතහොත්, මේ පවසන්නේ කාටද කියා ඔබම මෙනෙහිකර ගතහොත්, ඔබට තේරෙන බසින් අන් අයටත් පහදා දී, මනස්ථාපනයට සියල්ල යොමු කරමින් සියල්ල ගළවා ගැනීමට ඔබට හැකි වනු ඇත.”

“දහම් නායකයිනි, සභා නායකයිනි, මම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ඔබ ජනතාව ඔබගේ වදන් තුළින් පෝෂණය කරමින්, අද ජනතාව හසුවී සිටින මේ භයානක රැල්ලෙන් මුදවා ගන්නා ලෙසයි. ආගම් භේද පැතිරවීම නොවෙයි, එකිනෙකා ඇන කොටා ගැනීම නොවෙයි, එකිනෙකා විවේචනය කිරීම නොවෙයි, උද්ඝෝෂණ කිරීම නොවෙයි රටක් හැටියට රාජ්‍යයක් හැටියට ආගම් නායකයින් හැටියට රාජ්‍ය නායකයින් හැටියට සියලුම නායකත්වය දරන නායකයින් හැටියට ඔබ නිවැරදිව බලන්න, ඔබගේ යුතුකම නොපිරිහෙලා ඉටු කොට තිබෙනවාද යන බව. ඒ වගකීම ඔබ ඔබටම වාසි වන අයුරින් යම් යම් දේ කර තිබෙනවාද? එසේ නම් නැවත මා ප්‍රකාශ කරනවා මනස්ථාපනය වන්න, එසේ නොවුනහොත් ඔබට වෙන දේ ගැන ඔබවත් නොදනී.”

“මුළු ලෝකයටම පැමිණ තිබෙන මේ ව්‍යසනයෙන් බේරා ගන්නට සෑම කෙනෙක්ම එකමුතු වන්න. රාජ්‍ය නායකයින් ගැන ජනතාව තුළ පැහැදීමක් ඇති වන්නට නම් ඔබ සියල්ලෝම ඒකරාශී වෙමින් එකමුතු වෙමින් ගත යුතු තීරණයක් ඇත. මෙවැනි මොහොතක බලය ගැන වාද කිරීම නොව, එය පසෙකලා, ඒ සියල්ල පසුවට දමා දැන් ඔබ කළ යුත්තේ මෙයින් මුළු මිනිස් ජනතාව ගළවා ගැනීමට තම තමා කළ යුත්තේ කුමක්ද කියා සාකච්ඡා කිරීමයි. අවදි වෙන්න.මේ පැමිණ තිබෙන්නේ තීරණාත්මක මොහොතකි. ඇහුම්කන් දෙන්න. ලෝකය දෙස මදක් හැරී බලන්න. විපත්ති කාලයක් පැමිණෙමින් ඇත. එම නිසා දැන්ම සූදානම් වන්න. එයයි, ඔබ සැමගෙන් මා බලාපොරොත්තු වන්නේ.”

“ගිහි දරුවෙනී, ඔබ ඔබගේ කුරුසිය රැගෙන යන්න. වැටි වැටී නැගිටින්න. ඔබගේ ජීවිත පැවැත්ම තුළ ඔබ ඔබගේ කුරුසය දමා යනවාද? නැතිනම් වැටි වැටී එය රැගෙන යනවාද? සියලුම දහම් නියෝජනය කරන දරුවෙනී, ඔබ නියෝජනය කරන ඔබගේ දෙවිඳුන් ගිය මග කුමක්ද? මෙනෙහිකර බලන්න. සෑම කෙනෙක්ම ආගම් හෝ ජාති භේදයක් නොමැතිව අත්වැල් බැඳගත යුතු මොහොතයි, දැන්. රෝගවලට බිය නොවන්න. මනස්ථාපනය තුළ ලෝකයම ගැළවීම ලබනු ඇත. ඔබ නිවෙස්වලට වී මොරගැසීම, යාච්ඤා කිරීම අරඹන්න. ඔබගේ දහමට අනුකූලව නිවෙස් තුළ සිටිමින් ඔබ ගත කළ යුතු ජීවිතය කුමක්ද? ඔබ සූදානම්ද? ඔබ අවට සිදු වන දේ ගැන මෙනෙහි කරන්න. ඔබ මිනිසුන් අතර නොමිනිසුන් නොවන්න. මිනිසුන් අතර මිනිසුන් වන්න. මනුෂ්‍යයෙක් වන්න. කිසිවෙකු හා උරණ නොවන්න. කලකෝලහාල ඇති කර නොගන්න. එකිනෙකාට ප්‍රේම කරන්න. එකිනෙකාට ආදරය කරන්න. ඔබ ලද දේ අන් අය හා බෙදා ගන්න. අද එවැනි තැනක ඔබ සිටින්නේ නම් ලෝකය මීට වඩා ආරක්ෂා වනු  ඇත. මෙහි භයානකම තැන මෙය පියාණන් විසින්, මේ විශ්වය නිර්මාණය කළා වූ තැනැත්තේ විසින් ජනතාව උදෙසා පෙනී සිටින ජනතාවගේ බලයෙන් ඉදිරියට ඇවිත් සිටින අය දෙස බලා සිටීමයි. එසේ බලා සිටින පියාණෝ, ජනතාවට යහපත නොකරන නායකයින් උදෙසා දඬුවම් ලබා දෙන සේක. මක්නිසාදයත්, අහෝ! පාපයක තරම. එකිනෙකාව විවේචනය කරමින් එකිනෙකාව නිරුවත් කරන රාජ්‍ය නායකයිනි, ඔබටත් නොදැනී ඔබම නිරුවත් වී ඇත. අවදි වන්න. අසරණ ජනතාවට වඩා, ජනතාවගේ බලයෙන් බලයට පත් වූ සියල්ලන්ට මේ මහා භයානක විපත් වලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. එම නිසා සියල්ලෝ කතා කොට ගත යුතු පියවර ගන්න.ඔබ යදින යාතිකා ගයන ගීතිකා දැවෙන දුම් පූජා ඔබගේ පියාණන්ට ඔප්පු කර සිටින්න. මේ සෑම දේ තුළම මහා පවිත්‍ර කිරීම වේගයෙන් සිදුවනු ඇත.ආමෙන්.”

මා,

ඔබගේ ගැළවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්.

දෙවි වූ ස්වාමින් වහන්සේ වන මම ජාති, කුල, ආගම් භේද නොමැතිව ඔබ සැමට ප්‍රේම කරමි.

9 – පෙබරවාරි – 2020

     “බොහෝම ළඟ දී, බොහෝම වේගයෙන් මුළු විශ්වයම කළඹමින් තද කුණාටුවක් හමාගෙන එනවා. අති විශාල ප්‍රමාණයක් ජීවිත හා දේපළ අහිමි වෙනවා. එය මේ පුංචි දේශයටත් බලපානවා. එම නිසා සෑම කෙනෙක්ම යාච්ඤාව තුළ ජීවත් විය යුතුයි. එය පැයට කිලෝමීටර් 200 වේගයෙන් පැමිණෙනවා, බොහෝ විට ඊටත් වඩා වේගයෙන්. ඒ කුණාටුව බොහොමත් ආසන්නයි, පැමිණෙන්නට. එම නිසා යාච්ඤාවෙන් අවදිව සිටිය යුතු මොහොතක්. එකිනෙකාගේ දුර්වලකම් සොය සොයා යන මොහොතක් නොවෙයි, තමා තමාව දැකිය යුතු මොහොතක්. පියාණන්ගේ ඉතා ප්‍රබල පවිත්‍රකරණය ඇරඹිලා දැන්. එම නිසා බොහෝ රාජ්‍යයන් තුළ කඩා වැටෙන තැන් තියෙනවා, බොහෝ අය විලාප නගන තැන් තියෙනවා. ඒ සමඟම  නවක රෝග තව තව පැමිණෙනවා වේගයෙන්. මනුෂ්‍යයාගේ ජීවන හුස්ම පවත්වා ගන්නට බැරි තරමට අපහසුතාවයන් පැමිණෙනවා. එම නිසා සෑම මනුෂ්‍යයෙක්ම එකිනෙකාගේ අඩුපාඩු බලන්නේ නැතුව, සෑම කෙනෙක්ම වේගයෙන් තමාව වෙනස් කරගෙන තම දූ දරුවන් උදෙසා තම දෙමව්පියන් උදෙසා ඒ හැම කෙනෙක්ම ජීවිත වෙනස් කරගෙන තම තමන්ගේ ධර්මයට අනුකූලව ජීවිතය යහපත් පැත්තට ගොඩනැගිය යුතු මොහොතක්, මෙය. සෑම පවුලකම දෙමාපියන්, දරුවන් සෑම කෙනෙක්ම දෙවි වූ ස්වාමින් වහන්සේට මුලිකත්වය දිය යුතුයි.” 

     “මම මේ මොහොතේ ඉල්ලනවා සෑම කෙනෙක්ගෙන්ම, සෑම ධර්ම නායකයෙක්ගෙන්ම ධර්මානුකූලව, යහපත් විදියට ජනතාව මෙහෙයවමින්, ජනතාව ඒකරාශී කරමින්, තමාට පැවරී තිබෙන නායකත්වය තුළ, යහපත් ඵල නෙලා දෙන්න. කිසිවෙක් තමාට යැයි කියා ලෞකික කිසිවක් රැස් කර ගන්න එපා. යහපත් දේ පමණක් රැස් කර ගන්න. මා ප්‍රේමවන්ත වූ දරුවෙනි, දෙවි වූ ස්වාමින් වහන්සේගෙන් ලද, විශ්වීය මැවුම්කරුවාණන්ගෙන් ලද ඒ මහා පණිවුඩය ලෝ වැසි සියලු ජනතාව වෙත මේ මොහොතේ මම ප්‍රකාශ කරමි. මම මම වෙමි. මම දෙවි වූ ස්වාමින් වහන්සේ වෙමි.”

     “දෙවි සමිඳුන්ගෙන් ලද පණිවුඩයට සෑම කෙනෙක්ම ඇහුම්කන් දෙන්න. දෙවි වූ ස්වාමින් වහන්සේ වන මම ජාති, කුල, ආගම් භේද නොමැතිව ඔබ සැමට ප්‍රේම කරමි. මම මනාලයා වෙමි. මනාලිය ඔබ සැම වන්නාහ. මුළු විශ්ව ජනතාවම මනාලිය නම්, විශ්වීය අයිතිකරු මනාලයා ලෙස, මනාලිය දෙස බලා සිටිනවා, සැදී පැහැදී සැරසී සිටින තුරු. එම නිසා මා ප්‍රේමවන්ත දරුවෙනි, ඔබ මොන තලයක සිටියත් ඔබ ඔබ දෙස හැරී බලන්න. විටින් විට ඔබගේ වෙනස් විය යුතු දේ ඒ හැම දෙයක්ම වෙනස් කර ගනිමින් ඉදිරියට යන්න. තෘෂ්ණාවෙන්  රැස් කර ගන්නා වූ දේවල් තුළ, ඔබ බොහෝ භයානක දේවල කොටු වෙන්නට පුළුවන්. එම නිසා පිටාතරින් පෙනෙනා ලස්සන දේ දැහැමි බව නොවේ. ඇතුලාන්තය යටි හිත තුළ සෑම කෙනෙක් තුළම තියෙන දුර්වලකම්, පාපිෂ්ඨ ස්වභාවයන්, මේ අපවිත්‍ර සියල්ල හිස් කරගෙන පවිත්‍ර කර ගන්න. ඔබ සැම ශාරීරික, මානසික, ආත්මික සුවය ඇති දරුවන් මෙන් මෙයට මුහුණ දෙන්න, දැන්ම සැරසෙන්න. ලොව අයිතිකරු වන විශ්වීය මැවුම්කරුවාණන් වන, නිර්මාතෘවරයාණන් මුළු විශ්වීය ජනතාවට දෙන පණිවුඩයයි, මෙය.”                

මා,

ඔබගේ ගැළවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්.

ලෝක වාසී ජනතාවෙනි අවදි වන්න.මක්නිසාද ඔබටත් නොදැනීම පාපය ඔබ වටකර ගෙන ඇත.

29 – ජනවාරි – 2020

“විශ්වීය නිර්මාතෘවරයාණන් වන පියාණන්ගෙන් ලද,දෙවි වූ ස්වාමීන්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලබන මේ මහා ගැඹුරු පණිවුඩයට සවන් දෙන මෙන් මම ඉල්ලා සිටිමි.මා ප්‍රේමවන්ත වූ දරුවෙනී,ලෝ වැසි සියලු ජන දරුවෙනී,මා ප්‍රකාශ කරන්නා වූ මේ වදන් තුළ දහම් භේදයක් නොමැත.සියලු දෙවිවරුන්ගේ දෙවිවරුන් ඇතුළු,ඒ සියල්ලට අයිති සියලු දූ දරුවෙනී, ඔබ මොන දහමක සිටියත් ඔබ සැබෑම මනුෂ්‍යයෙක් නම්,ජාති,කුල සහ  ආගම් භේදයක් නොමැතිව,සියල්ලෝම එකම ජාතියක් වනු ඇත.එනම් ඔබ සැබෑම මනුෂ්‍යයන්ය,මනුෂ්‍ය ජාතියට අයත් මනුෂ්‍යයන්ය,මනුෂ්‍ය දූ පුතුන්ය.ඔබ හැම කෙනෙක් තුළම තිබෙන්නේ ඇට මස් ලේ නහරවලින් සෑදුණු දෙවියන් විසින්  නිර්මාණය කළා වූ මහා වෘක්ෂයක් වැනි,සැබෑ වූ ප්‍රඥාව තුළ මොනයම් දෙයක් හෝ කරන්නට හැකි අවයවයන්ගෙන් පරිපූර්ණ වූ මනුෂ්‍යයෙකි.මනුෂ්‍යයෙනි, ඔබ කිසිවෙක් හා කිසි දිනෙක කිසි විටෙක උරණ නොවන්න.මක්නිසාද ඔබ ඔබ දෙසම හැරී බලන්න.අද බොහෝ උගතුන්ය බුධිමතුන්ය කියා ගන්නා අයගෙනුත් මා ඉල්ලා සිටින්නේ ඔබ ඔබ දෙසම හැරී බලන ලෙසයි.තමා තමාව දකිනා කල,අවංකව හෘද සාක්ෂියට එකඟව තමාව පරීක්ෂණය කරන කල, තමා සිටිනා තැන තමාටම අවබෝධ වනු ඇත.තමා වටා තිබෙන ආත්මාර්ථයේ යදම් බිඳ දමන්න.තමා ආශා කරන සියල්ලෙන් හිස් වන්න.තමාගේ අයිතිවාසිකම්වලට මරණයක් වන්න.සෑම මනුෂ්‍යයෙක්ම තමා තමාව සාදා ගන්නා කල ලෝකය සුන්දර කරන්නට පුළුවන.දහම් නායකයින් ගත්තත් මොනම දහමක සිටියත්,ජාති, කුළ, ආගම් භේද ආරම්භයේම ගෙනැවිත් නොමැත.ලෝකය තුළ හැදෙමින් වැඩෙමින්, එයින් ලබනා ආභාෂයන් සමග ඔබ ලබා ගන්නා දේ තුළ ඔබ පාපයට ඇතුල් වන්නෙහිය.මම මුළු විශ්වයටම ආදරය කරන දෙවියෝ වෙමි.දෙවිවරුන් අතර භේද නැත.ඒ හැම කෙනෙක්ම සාමකාමීව එකමුතු වූ දේව සභාවක් ඇත.නමුත් ඒ දෙවිවරුන්ව අයිති කරගෙන ජීවත්වෙන, කොටස් බෙදී වෙන්කරගෙන සිටින,ජාතී බෙදා වෙන්කරගෙන සිටින, ජනතාව වෙතයි මාගේ මේ පණිවුඩය.ලෝක වාසී ජනතාවෙනි අවදි වන්න.මක්නිසාද ඔබටත් නොදැනීම  පාපය ඔබ වටකර ගෙන ඇත.ආත්මිකව ඔබ කොතැනද,ඔබ මොන ආත්මයක්ද කියා ඔබ ඔබගේ ආත්මයෙන් විමසා බලන්න. ඔබ තව කෙනෙකුට අවවාද දීමට හැකි, තව කෙනෙකු ගළවාගෙන ඉදිරියට යන්න හැකි කෙනෙක්ද කියා, ඔබ දෙසටම හැරී බලන්න”.

     “සියලුම සභා නායකයිනි,ආගම් නායකයිනි, ඒ දහම් නායකත්වය තුළ ඔබ ඔබ දෙස හැරී බලන්න. පළමුවෙන්,ඔබ නායකයෙක් වීමට පෙර ඔබ එයට සුදුසුකම් ලබන්නේ කුමක් සඳහාද?ඔබ සැබෑම නායකයෙක් වන්නෙහිද?ඔබගේ කැඳවීම තුළ, ඔබගේ තෝරා ගැනීම තුළ, ඔබ ජීවිත කීයක් ගොඩනගා තිබේද? ගළවාගෙන තිබේද? කොපමණ ජීවිතවලට ඔබ යහපත් ධර්ම නායකයෙක් වී සිටිත්ද? මේ ලෝකය තුළ ඇති භයානක බව දැන දැනත්, ඒ භයානකකමින් ලෝවැසි ජනතාව ගළවා ගන්නට,දූ පුතුන් ගළවාගන්නට, තමා විසින් කුමක් කර තිබේද? මදක් තමා තමා දෙස හැරී බලන්න.තමා ආත්මාර්ථයට ගොදුරක් වී තිබේද? තම ආශාවන්ට ගොදුරක් වී තිබේද? තම අයිතිවාසිකම්වලට ගොදුරක් වී තිබේද? තමා ජීවත් වෙන්නේ ඒ සියල්ලම  නැති කරගෙන ,සියල්ලෙන්ම හිස්වද? එසේ නම් මේ දේ ඔබ තුළ තිබේ දැයි මෙනෙහිකර බලන්න.කතා කරන්නට කටක් නැති,අයිති කරගන්නට අත් නැති,ඇවිදයන්නට හෝ පැනදුවන්නට පාද නැති,කෙළින් යන්නටවත් කොඳු ඇට පෙළක් නැති,පහර දීමට දත්,දළ,නිය නැති, පණුවෙක් මෙන් ඔබ ජීවත් වන්නෙහිද? ඔබ සැබෑ දහම් නායකයෙකු නම්, ඔබ සැබෑ දහම් මාර්ගයේ ගමන් කරන දූ දරුවෙක් නම්, ඇහුම්කම් දෙන්නට කන් දෙකක් නැති, කතා කරන්නට කටක් නැති,ඇවිදයන්නට පාද නැති,දඟලන්නට කොඳුඇට පෙළක් නැති, පණුවෙක් මෙන් ඔබ සිටිත් නම්, ඔබ ස්වාමින්වහන්සේට, ඔබ ඔබගේ දහමට අනුකූලව,ප්‍රසන්න චරිතයක් වනු ඇත.ඔබට නියම වූ කාල සීමාවන් නිමා කොට මේ පොලෝ තලයෙන් සමුගත් කල ඔබට හිමි තැන ඔබ තෝරාගෙන තිබේද?” 

     “දේශපාලන නායකයිනි,රාජ්‍ය නායකයිනි,දේශයන් බෙදාගෙන සිටින දේශ නායකයිනි, ඔබ සැමටයි මේ පණිවුඩය.දෙවියන්වහන්සේ සුන්දර වූ ලෝකයක් මවා,සුන්දර වූ සොබා දහමක් තුළ, ලස්සන පොලෝ තලයක් තුළ, මනුෂ්‍යයාට අවශ්‍යය කරන ඒ සෑම සියළුම දේ සපුරාලූ, අහස,පොළොව, ඉර,සඳ,තරු,සතා සිව්පාවුන්,ගහකොළ,ඇළ,දොළ,ගංගා, මනුෂ්‍යයා මේ සෑම සියලු දේ කිසිම අඩුවක් නැතුව නිර්මාණය කළා වූ, අතී උතුම් ලෝකය නිර්මාණය කළා වූ, තැනැත්තේගේ ඉහළින් ආ පණිවුඩයයි,මෙය.මනුෂ්‍ය ජීවිතය මෙවලමක් කර ගනිමින් මේ මහා පණිවුඩය ලෝකයට දානය කරන්නට මම සිතුවෙමි.සියල්ලෝ අවදි විය යුතු මොහොතයි දැන්.තමා තමාව දැකිය යුතු මොහොතයි දැන්.සියලු ආශාවන්ගෙන් හිස්ව,සියලු අයිතිවාසිකම්වලින් හිස්ව,තම කැමැත්තට මරණයක් අත් දකිමින්,එකිනෙකා හා අත්වැල් බැඳගනිමින්, අනෙකාගේ දුක තමාගේ දුක කරගනිමින්, තව කෙනෙකුගේ සතුටේ දී සතුටුවෙමින්, දුකේ දී දුක් වෙමින්,ජීවත් වන්නා සැබෑ වූ මනුෂ්‍යත්වය ඇති තැනැත්තා වන්නේය.දේව රාජ්‍යය තිබෙන්නේ එතැනය. ඔබ මේ ලෝකය තුළ මොන නායකත්වයකට පොර බැදුවත්, මොන ධන සම්පත් රැස් කෙරුවත්, මොන පිළිගැනීම් ලැබුවත්,මොන ගෞරව නාම ලැබුවත්, ඔබට ඒ සියල්ල මේ ලෝකය තුළ පමණි.මක්නිසාද මොන දහමක ජීවත් වුණත් සියල්ලෝ මේ ලෝකය හැර යන දිනට, තෝරා ගන්නට දෙපළක් ඇත.තමා රැස් කර ගත්තා වූ යහපත් දේ හෝ අයහපත් දේ රැගෙන ස්වර්ගයට හෝ  නිරයට යා යුතුමය.දේව නීතියට අනුකුළව දඬුවම් ලබමින්, මහා වැළපීම් මැද, ඒ මහා පවිත්‍රකරණයට නතු විය යුතුමය.මෙලොව සුර සැප අත් හැර දෙවියන්වහන්සේ හෝ අනෙක් දෙවිවරුන් පෙන්වූ මග ඔස්සේ හෝ ඔබ නිවැරදිව ගමන් කරන්නෙහි නම්, නිවැරදි දහම තෝරා ගන්නේ නම්,නිවැරදිව ජීවත් වන්නේ නම් මේ ලෝකයේ පාපයේ බර අඩුවනු ඇත.ඔබට මේ ලෝකය හැර ගිය දිනට,යහපත්ව සදාතනික ජීවිතය ගත කරන්නට තැනක් හිමි වනු ඇත.ජාති,ආගම්,කුල භේද මතුකර ගනිමින්, අනෙකා විනාශ කරමින් තමා ඉදිරියට යන්නට වෙර දරන්නෙහිද, තව කෙනෙක් තමාට වඩා වැඩිදියුණු වෙනවාට ඊර්ෂ්‍යා වන්නෙහිද, ක්‍රෝධ වන්නෙහිද, මා ප්‍රේමවන්ත දරුවෙනි, එය සැබෑ ධාර්මික ක්‍රියාවක් නොවන්නේය.තමාට වඩා අනෙකා උසස් වෙනවා දැකීම තුළ, ඔබ තුළ ප්‍රීතියක් හට ගන්නේ නම්, සැබෑ මනුෂ්‍යයත්වය ඔබ තුළ දිස්වෙනවා ඇත.තව කෙනෙකුගේ දුක තමාගේ දුක කර ගන්නේ නම් දේව අනුගාමිකයෙකුද ,දෙවියන්වහන්සේට ප්‍රසන්න දරුවෙකුද වනු ඇත. ඉඩකඩම් යාන වාහන ගේ දොර නිසා හරි හම්බකරගත් දේ සඳහා ඔබ සියල්ල තමා මතම රැස් කරගන්නට,තමාටම එකතු කරගන්නට වෙර දරන්නෙහි නම්, ඔබ වටා අශුද්ධ ආත්ම ඒකරාශී වනු ඇත.එසේ නම් යක්ෂයාගේ රාජ්‍යය එතැන වන්නේය.අපි යක්ෂයාට ඉඩ නොතබමු.අධර්මය පරාජය කරමු.අනෙකාට වින නොකරමු.එකිනෙකාට ප්‍රේම කරමින්, අත්වැල් බැඳ ගනිමින් ලෝ වැසි ජනතාව  මුළු විශ්වය කොටස් කර නොගෙන, සියල්ලෝම එක පවුලක දරුවන් මෙන් ඒකරාශී වන මෙන් මම ඔබගෙන් ඉල්ලා සිටිමි.”

    “සැබෑ නායකයෙක් යනු තමා ප්‍රකාශ කරන්නා වූ ප්‍රකාශන හා පොරොන්දු වුනා වූ පොරොන්දු නිවැරදිව සියල්ලන්ට ඉටු කරන තැනැත්තේ වේ.එසේ යහපත් දේ ඉටු කළෙහි නම්,තම අරමුණ තමාව නැති කරගෙන තමා අන් අය උදෙසා නායකයෙක් වීම නම්, සැබෑම නායකයා ඒ තැනැත්තාය.අනෙකා විනාශ කරමින්,තමා ඉදිරියට යන්නේ නම් එතැන නායකත්වයක් නැත,එතැන උගතෙකුත් නොමැත,එතැන හැදී වැඩී නිර්මාණය වන්නේ සියලු දෙවිවරුන්ව ප්‍රතික්ෂේප  කරමින්, දෙවිවරුන්ට විරුද්ධව ක්‍රියා කරන අධර්මාධිපතිගේ ක්‍රියාවලියයි.එම ක්‍රියාවලිය කිසි දිනෙක සාර්ථක  නොවන්නේය.යක්ෂයා අළු දූවිලි බවට පත් වන්නේමය.එම නිසා මා ප්‍රේමවන්තවූ දරුවෙනී, මෙතැන ජාතීන් අතර වෙන් කිරීමක් නොමැත,කිසිම දහමක් වෙන් කොට කතා කිරීමක් නොමැත.සියලුම දහම් අනුගමනය කරමින්,ඒ නායකයින් උදෙසා පවා කතා කරන, ඔබ නොදකින,ඔබ නොඅසා තිබෙන,ඔබ කිසි විටෙකත් බලාපොරොත්තු නො වූ, ඉහළින් පැමිණියා වූ පණිවුඩයකි,මෙය.මෙයට ඇහුම්කන් දෙමින්, මෙය අයිති කර ගනිමින්, තමා තමාව නිරන්තරයෙන් පරික්ෂා කර ගැනීම තුළ, තමා සෑම මොහොතකදීම තමාගේ දුබලකම් හදා ගනිමින්, අන් අයට එකමුතු වෙන, අන් අය හා එකට ජීවත් විය හැකි, උගත් හා බුද්ධිමත් යැයි කීමට හැකි අය වන්නේ එවැනි මනුෂ්‍ය දූ දරුවන්ය.දැන උගත්කමින් බොහෝ දේ දැනගත්ත ද ,තමා ලැබුවා වූ ප්‍රඥාව තුළ අයහපත් දේ රැස්කර ගන්නේ නම්, තමා අයහපත් ලෙස ජීවත් වෙමින් අනෙකාට විරුද්ධව ක්‍රියා කරන්නේ නම්,ඔබ තුළ මොන උගත්කමක්ද? ඔබ තුළ මොන බුද්ධිමත්කමක්ද? ඔබ තුළින් ලෝකයට ගත යුත්තක් නොමැත.ඔබ ඔබ ගැන මෙනෙහි කරන විට, මේ ලෝකය තුළම අධර්මයේ රාජ්‍යයන් නිර්මාණය කරන්නට දායක වන්නෙක් බව ඔබටම දැනෙනු ඇත.එසේ නම් එයින් මිදෙන්නට,මා කියූ සියල්ල තුළ මෙනෙහි කරමින්,ආපසු හැරී, ජීවිතය වෙනස් කරගනිමින්, ඉදිරියට එන ලෙස මාගේ ප්‍රේමවන්ත දරුවන්ට මම ප්‍රකාශ කරමි.තෙද බලැති මහා රජිදාණන්ගේ මහා බලසම්පන්න බල මහිමය තුළ, මුළු විශ්වයටම මේ මොහොතේ මා කතා කරමින්, මාගේ මහා ආශීර්වාදය මුළු විශ්වය වෙතම දක්වමි.”

මා,

ඔබගේ ගැළවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්.